Friday, January 16, 2026

 පොළොන්නරු යුගයේ නර්තන කලාව පිළිබඳ  ලිඛිත සාධක.


චූලවංශයේ සඳහන් කරුණු


මහා පරාක්‍රමබාහු රජතුමා නර්තන ශිල්පය, කාව්‍ය ශාස්ත්‍රය සහ ශාසනය ආදී කොට ඇති සෞන්දය කලාවන් පිළිබඳ හසල දැනුමකින් යුක්ත වූ රාජ්‍ය පාලකයකු බව.

පැරකුම්බා කුමාර, ශබ්ද ශාස්ත්‍රයෙහිද නියන්ටු කෙටුහ සහිත වූ කාව්‍ය ශාස්ත්‍රයෙහි ද නැටුම් ගීතයෙහි ද හස්ත ශිල්ප ආදී ශාස්ත්‍රයෙහි ද දුනු කඩු ආදී නොයෙකුත් ශාස්ත්‍රයන්හි වෙසෙසින් පරතරට පැමිණියේ....." (චුලවංශය)

ඕ රාබාහු රජතුමා විසින් රාජ මාලිගයට යාබදව රන් ආලේප කළ කුළුණු වලින් යුත්, වීක පු පිළියෙන් සරසන ලද සරස්වති චණ්ඩපයකම වු ශාලාවක් ඉදි කරන ලදී. මෙය නතනය සහ ගායනය දැක්වීමට යොදා ගන්නා ලද්දක් බව සඳහන් වේ.

රජ මැදුර අබියස ගෙඋයනෙහි රජුගේ පෞද්ගලික විනෝදය සඳහා කීලා මණ්ඩපය නමින් ගෘහයක් ඉදිකර වීය.

මහා පරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය පදවි ප්‍රාප්තියට පත් වූ විට ජනතාව සතුටට පත් වූ ආකාරය මෙසේ දක්වා

එකල්හි නානාප්‍රකාර වූ බේරින්ගේ මහා ශබ්දය තෙම කල්පාන්තවාදයෙන් කැළඹී සාගරයාගේ හඬ සෙයින් විය "

යනුවෙන් වාදන භාණ්ඩයන්ගෙන් නැගුන ගෝශාව කල්පාන්ත සුළඟින් කැළඹුණු මහා සාගරයට උපමා කොට දක්වා ඇත.

සතුරන් පරාජය කොට පොළොන්නරු නුවර වාසය කරන පරාක්‍රමබාහු රජතුමා කල් ගෙවු ආකාරය පහත පරිදි දක්වා ඇත.

" මධුර ක්‍රීඩා විනෝදනයෙනුදු නව නාට්‍යය රසය දන්න උන්ට අග්‍රේෂ්වරව කල් හැරියේය"

දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් මනහර මන්දිරයක් ඉදිකර වූ මහා පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතූන් වහන්සේ එහි තැන්පත් කරවා විනා, වස් කුලල් මිහිඟු බෙර ආදිය ඇති ජනයා විසින් ද දිව්‍ය ගාන්ධාරව ස්ත්‍රීන් සදෘෂ ගාන්ධාර්ව ස්ත්‍රීන් වෙන් වෙන් කොට සිටුවා නැටුම්, ගැයුම් හා වැයුම් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කළ බව සඳහන් වේ.

මහා පරාක්‍රමබාහු රජුගේ අගමෙහෙසිය රූපාවතී බිසව නැටුම් ශිල්පිණියක් බවත් නර්තන, ගීත, වාදනයෙහි දක්ෂතා දැක්වූ කාන්තාවක් බවත් සඳහන් වේ.

රජතුමා රාජ සභාවට සම්ප්‍රාප්ත වන විට ළයාන්විත ගීනාදයෙන් පිළිගැනීමට කටයුතු යොදා තිබීම හා කුලින තරුණ තරුණියන්ගෙන්වාගෙන ඔවුනට නර්තනය හා සංගීතය ද රණ ක්‍රීඩා සහ විවිධ භාෂාව ශාස්ත්‍ර උගන්වා රාජ්‍ය කටයුතු සඳහා පක්ෂපාතයේ ලෙස සේවයට යොදා ගත් බව සඳහන් වීම නර්තනය සහ සංගීතය රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට යුද උපාය මාර්ගයක් ලෙස යොදාගත් බව සඳහන් වීම මෙකී යුගයේ දැකිය හැකි සුවිශේෂී කාරණාවේ.

විඩාපත් සොල්දාදුවන් විනෝදමත් කිරීමට හා මානසිකව ධෛර්යමත් කිරීමට නර්තනය, සංගීතය යොදාගත් බව සඳහන් සඳහන් වීම.

නිශ්ශංකමල්ල රජතුමා නවග්‍රහ බලි ශාන්තිය කර වූ බව සදහන් වීම


පොළොන්නරු යුගයට අදාලව නර්තන කලාව ප්‍රචලිතව තිබූ බවට සාධක කොටගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර


පාලමොටටෙයි ශිලා ලේඛනයට අනුව ල ආධිපත්‍යයට යටත් වීමේ එක් ප්‍රතිඵලයක් බව ඒ අනුව සිතිය හැකි වීම

පොළොන්නරුව වටදාගයේ කර ඇති තවන ස්ත්‍රීන්ගේ සහ පුරුෂයින්ගේ රූකම්

අංක එක දරන ශිව දේවාලයෙන් හමුවී ඇති නටරාජාරූපයක පාදමේ බෙරය, කාලම්පට සහ හොරණෑව කැටයම් කර තිබීම.

මහා පරාක්‍රමබාහු රජතුමා තමන් උපන් ග්‍රාමයෙහි කරවන ලද සුතිස්සට කොට වෙහෙර) හමුවී ඇති ඇත් පහනේ දැක්වෙන නළන්නන්ගේ රුකම්

එම ඇත් පහනේ එල්ලා තවන දම්වැලෙහි තැන තැන යොදා ඇති විවිධ නර්තන අංගහාර කරන නරක කගේ රුකම් ඉන්දියානු බරට නර්තනයන්ගේ අංශකාර මූර්තිමත් කරන බව විචාරක මතය වීම.

මහා පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයන් විසින් විනාශ කළ නගර යළි ගොඩ නැගීමේ දී ගොඩ නැගීමේදී වෘත්තිය ගීත ප්‍රදර්ශනය සඳහා නාට්‍ය ශාලාවන් ඉදිකරන ලද අතර රෝහණයේ කිර ග්‍රාමය ඉදිකිරීමේදී නාට්‍ය ශාලා පහක් කරවූ බව සඳහන් වීම.

නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවා ඇති ශිලා ලේඛන දෙසකම නර්තනය නැරඹීමට රජු අතිශයින් ප්‍රිය කළ බව සඳහන් වීම.

කාලිංග උද්‍යාන ශිලා ලේඛනයෙහි " චෝල පාණ්ඩයාදී රජුන් වෙළගෙන එවූ ඇඟිලි හා රාජකන්යාවියන් හා පඬුරු දැක ජය ස්ථම්භ කරවා ලක්දිව වැඩ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් කරමින්, නර්තන ගීත බලා වැඩ හිඳිනා සිංහාසනයයි" ලෙස සඳහන්ව තිබීම.

කාලිංග ක්‍රීඩා විනෝද යල් ආසන ලිපිපයෙහි " නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩ හිඳිනා සිංහාසනයයි " ලෙස සඳහන්ව තිබීම.

සැටදාගෙට ඇතුළුවන ස්ථානයේ දෙපස බිත්තිවල නර්තනයේ යෙදෙන්නන්ගේ රූකම් සහ වාදන රූකම් දකුණු ඉන්දියානු නර්තනයන්ගේ අංගහාර නිරූපණය කිරීම.


Saturday, January 10, 2026

වාණිජකරණයට නර්තන ක්‍රිඩාවේ බලපෑම

 වාණිජකරණයට නර්තන ක්‍රිඩාවේ බලපෑම


සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස කලාව යන වචනය යොදා ගත හැකිය.බ්‍රිටැනිකා විශ්ව කෝෂයට අනුව ද අන්‍යයන් සමග බෙදා හදා ගත හැකිසෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයක් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේ හැකියාව සහ පරිකල්පනය යොදා ගැනීම කලාව ලෙස හඳුනාගත හැකිය.කලාවෙහි මූලික පරමාර්ථය සුසංයත ජන සමාජයක් ගොඩනැගීම ලෙස හඳුනාගත හැකි අතර කලාවේදියා සතු කාර්යය එහිලා සුළුපටු නොවේ.පුද්ගල මානසික ප්‍රවර්ධනයට කලාව අත්‍යවශ්‍ය සාධකයක් වන අතර මෙහිලා පුළුල් දෘෂ්ටියක් සහිත ව කටයුතු කරන පුද්ගලයා කලාකරුවා ලෙස හඳුනාගත හැකිය.සාහිත්‍යය කලාව, දෘශ්‍ය කලාව,ලලිත කලාව නැතිනම් ප්‍රාසංගික කලාව (සංගීතය, නාට්‍ය,චිත්‍ර,නර්තනය) ලෙස කලාව වර්ගීකරණයන් ද හඳුනාගත හැකි අතර විවිධ කාල වකවානු තුළ කලාව විවිධ ආකාරයෙන් හඳුනාගත හැකිය.එනම් ජන කලාව,සම්භාව්‍ය කලාව,ජනප්‍රිය කලාව ලෙස හදුනාගත හැකි අතර ප්‍රාසංගික කලාවක් ලෙෂ නර්තනයේ විකාශනය කලා මාධ්‍යයක් ලෙස කෙබඳුද යන්නත් එහි ඓතිහාසික විකාශනයේ පටන් ප්‍රාසංගික වශයෙන් ජනප්‍රියත්වයට පත් වීමේ ගමන් මාර්ගය කෙබඳුද යන්නත් හඳුනාගනිමු.

නර්තනයේ මුලාරම්භය දැක්වෙන පැරැණිම ඓතිහාසික ලේඛන ඉන්දියාවේ ලෙන් සිතුවම් ආකාරයෙන් ක්‍රිස්තු පූර්ව අටදාහක් පමණ ඈත අතීතතක හමුවන අතර ක්‍රිස්තු පූර්ව 3300 දී පමණ ඊජිප්තු සොහොන් සිතුවම් වල ද නර්තනය නිරූපණය විය.මුල් කාලීන නර්තනය ඒ අනුව විවිධ

ආගමික සම්භවයන් මුල් කර ගනිමින් විවිධ පුද චාරිත්‍ර ආශ්‍රයෙන් ඇති වූ අතර විවිධ ගෝත්‍රානුබද්ධ උත්සව සහ චාරිත්‍ර ආශ්‍රයෙහි යොදා ගැනීම දක්නට ලැබිණි.මේ අනුව නර්තනය ආරම්භයේ සිටම මානව ඉතිහාසයේ අංගයක් වී ඇති අතර ක්‍රමයෙන් ඉහත ආකාරයට දියුණු වන සමාජ ක්‍රමය තුළ ගෝලීය හා තාක්ෂණික පරිණාමයට ලක් වන්නා සේ නර්තනයද පරිනාමයට හා විකාශනයට පත් වීම සිදුවිය.මෙහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය ආධ්‍යාත්මික පැතිකඩ අභිමවා යමින් ප්‍රජා සම්බන්ධතා පෝෂණය කරන මාධ්‍යයක් බවට පත්වූ අතර ඒ ඔස්සේ නර්තන විලාසයන් ද කාලයත් සමඟ පරිණාමනය විය.මෙම පරිණාමනය ට සමාජ සංස්කෘතික ගතිකයන් ගේ බලපෑම බලපා තිබෙන අතර එහිලා මුල්කාලීන මිනිසාගේ අපේක්ෂාවන් හෝ ආධ්‍යාත්මික සහ ආගමික සංකල්පය තුළින් ඔබ්බට නර්තනය යොදා ගැනීම පිළිබඳ අදහස් නිර්මාණයට මග නිර්මාණය විය.එනම් මුල් කාලීන මිනිසා ආගම් යාග හෝම විශ්වාස මත පදනම්ව කටයුතු කරනු ලැබුවද ලෝකයට සමාජමය වශයෙන් අධ්‍යාපනය, දේශපාලනය,ආර්ථිකය,තාක්ෂණය යන සංකල්ප ඔස්සේ දියුණුවට පත් වීමත් සමගම විශ්ව ගම්මානය යන සංකල්පය හරහා ආර්ථිකය යන සාධකය මිනිසාගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතාවය බවට පත්විය.ඒ ඔස්සේ ඔවුන් මුදල් සෙවීමේ මාර්ග සොයා යාම හරහා කාර්යබහුලත්වය වැළඳගත් අතර මෙම කාර්යබහුලත්වය තුළ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ආගමික වත් පිළිවෙත් වල පටන් ආහාර ගැනීම දක්වා පවත්වාගෙන ආ සියලු ක‍්‍රමවේද වල කාර්යක්ශම ස්වරූපයන් අනුගමනය කරන්නට සිදුවිය.එම නිසා බොහෝවිට ශාන්තිකර්ම ආශ්‍රයෙහි සහ යාගහෝම විෂයෙහි රැඳී සිටීමට මිනිසාට කාලය ප්‍රමාණවත් නොවීමත් තාක්ෂණික වශයෙන් ලෝකය ජයගැනීමට ටිකෙන් ටික පෙළඹවීම මත ඔවුන්ගේ ප්‍රාථමික අදහස් වලින් ඔබ්බට ඔවුන්ගේ සිතුවිලි යථාර්ථය ඔස්සේ මෙහෙයවීමත් සිදු වූ නිසා නර්තනය පිළිබඳව ද ඔවුන්ගේ විවිධ නව අදහස් හා සංකල්ප ක‍්‍රියාත්මක විය..ඉහත අයුරට ඇතිවූ වූ සංස්කෘතික වෙනස් වීමත් සමග පුද්ගල සිතුවිලි ද සංස්කෘතිමය වශයෙන් ආර්ථිකය හඹා යෑම කෙරෙහි ම නිර්මාණය වන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය ප්‍රජා සම්බන්ධතා පෝෂණය කරන ප්‍රකාශිත භෞතික කලා මාධ්‍යයක් බවට පත්වීම නර්තන කලාවේ විවිධ නව මානයන් නිර්මාණය වීමට බලපා ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය හරහා ද මිනිසා විනෝදය ආශ්වාදනය ඇතුළු මුල් කාලීන ඇදහිලි, විශ්වාස ක්‍රම වලට එහා ගිය ආර්ථික ප්‍රතිලාභ පිළිබඳ අත්හදා බැලීමට යොමු වීම හරහා නර්තනයෙන් නව මානයන් ඉතා විශාල වශයෙන් නිර්මාණය වන්නට විය. මේ හරහා සමාජ නර්තන ක්‍රමයක් නිර්මාණය වන්නට වූ අතර වර්තමානය වන විට නර්තනය තූළ ඇති වී තිබෙන ප්‍රවණතාවයක් ලෙස නර්තන ක්‍රීඩාව හදුනාගත හැකිය.


නර්තන ක්‍රීඩා ලෙස (World Dance Sport Federation) සංවිධානයට අනුව සැකසුණු නිර්වචනයකින්

මෙසේ හඳුනාගත හැකිය.එනම් නර්තන ක්‍රීඩා යනු (Dance sports) ක්‍රීඩාව සහ නැටුම් ඒකාබද්ධ කරන ක්‍රියාකාරකමක් වන අතර මෙම නර්තන ක්‍රීඩා ඉසව් සංස්කෘතිය යන බාධක ඉක්මවා ගොස් ගෝලීය වශයෙන් සංවිධානය වී පවත්වාගෙන යාම දැකගත හැකිය.මේ අනුව ලෝකයේ නර්තන ක්‍රීඩා ලෙසට හඳුනා ගනිමින් වෘත්තීමය භාවයකින් පවත්වාගෙන යන අංග පවතින අතර වක්‍ර වශයෙන් අද වන විට නිර්මාණාත්මක නර්තන ධාරාව තුළ ප්‍රේක්ෂක රුචිකත්වයට නිර්මාණය කරන ඇතැම් නර්තන රචනා ආශ්‍රයෙහි ද නර්තනය ක්‍රීඩා ආශ්‍රිත විලාශයකින් නර්තනය යොදා යොදාගැනීම දක්නට ලැබේ.ඒ අනුව නර්තන ක්‍රීඩා ලෙස හඳුනාගන්නා නර්තන අංග පිළිබඳව හඳුනා ගැනීමක් කරමු.



මෙවන් ආකාරයට ක්‍රීඩාවක් ලෙස නර්තනාංග විහිදී යාම හඳුනාගත හැකි අතර එය ක්‍රීඩා විලාශයකින් වර්ධනය වීම තුළ වාණිජකරණයට නතු වූ ආකාරය පිළිබඳ විමසා බැලීම වැදගත්ය.

මූලික වශයෙන්ම ඉහත හඳුනාගත් නර්තන ක්‍රීඩා ලෙස පිළිගනිමින් පවත්වාගෙන යාමට World Dance Sport Federation යන ලෝක පාලන ආයතනයේ මැදිහත් වන අතර රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.මෙම ආයතනයේ මෙහෙවර වන්නේ නර්තන ක්‍රීඩා නියාමනය පරිපාලනය සහ සංවර්ධනය කිරිමයි. සෑම මහත් දීපයකම මිලියන ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය වැදගත් වන අතර නර්තන ක්‍රීඩා වල තත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ජාත්‍යන්තර තරග පාලනය කරන ප්‍රමිතිගත නීති සකස් කිරීම ඇතුළු ක්‍රීඩක නිලධාරි දෙපාර්ශ්වයේම චර්යාධර්ම, ආචාර ධර්ම ප්‍රමිති සම්පාදනය ඔලිම්පික් ව්‍යාපාරය නර්තන ක්‍රීඩා නියෝජනයට මැදිහත් වීම යන කාරණා වැදගත් වේ. මේ අනුව මුලින්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස අත්හදා බැලීමට යොමු වූ රටවල් ලෙස ලතින් ඇමරිකානු රටවල් සුවිශේෂී වන අතර මුලිකවම දෙපාර්ශ්වයේම චර්යාධර්ම,ආචාරධර්ම ප්‍රමිති සම්පාදනය ,ඔලිම්පික් ව්‍යාපාරය නර්තන ක්‍රීඩා නියෝජනයට මැදිහත් වීම යන කාරණා වැදගත් වේ.මේ අනුව මුලින්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස අත්හදා බැලීමට යොමු වූ රටවල් ලෙස ලතින් ඇමරිකානු රටවල් සුවිශේෂී වන අතර මුලිකවම සම්භාව්‍ය බෝර්ඩෑම් නැටුම් අභියෝගාත්මක ක්‍රීඩාවක් බවට පත්වූ අතර විවිධ නවමානයන් නිර්මාණය වීමටත් බල පැවැත්වෙන්නටත් එය හේතු වන්නට ඇත.


මෙම නර්තනයන් මුල් මුල්කාලීනව සමාජ නර්තනයක් ලෙස හඳුනා ගැනීම සිදුවිය ඒ හරහා මෙම නර්තන වරප්‍රසාද ලත් පුද්ගලයන්ගේ සමාජ නැටුම් බවට පත් විය. මෙම කාරණය තුළ පහළ පන්තීන් ලෙස සැලකෙන ජනයාට මෙම නර්තන ක්‍රමවේද වෙනුවට ජන නර්තන සමග කටයුතු කිරීමට අවස්ථාව නිර්මාණය වීය .මෙම නර්තන ඉහළ පුද්ගලයන්ගේ භාවිතාවට යොමුවී තිබීම නිසා නර්තන සංකල්පය වාණිජ ලෝකය තුළට රැගෙන යාමේදී සාමාන්‍ය ජනයාට මෙන් පුද්ගලයන් නැතිනම් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ නර්තනය සිදු කරමින් මුදල් අයැදීම විශේෂ අවස්ථා වෙනුවෙන් මුදලට නර්තනය කිරීම වැනි කාරණා වලට නර්තනය ආර්ථිකත්ත්වය නිසා මෙහෙයවීමට අකමැති වීම මෙම සම්භාව්‍ය බෝල්රුම් සහ ලතින් නර්තන ආශ්‍රයෙහි නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමට මග පෑදෙන්ට විය.හේතුව මොවුන් මෙම නර්තනාංග ප්‍රාථමික මට්ටමින් ඔබ්බට  ‌ගොස් (තරග නිර්මාණය)හරහා මුදල් ඉපයීම වක්‍රව බලාපොරොත්තු වෙන තත්ත්වයට මෙම නර්තනයන් ක්‍රීඩාවක් ලෙස ලෝකයට නිරාවරණය කිරීම ආරම්භ කිරිමයි.මේ අනුව නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගනිමින්

* බෝල්රුම් සහ ලතින් ඇමෙරිකානු නර්තන ආශ්‍රයේ නර්තන තරග නිර්මාණය වීම නර්තන ක්‍රීඩා වල වාණිජකරණයේ ආරම්භක ප්‍රවේශය විය.

උදාහරණ ලෙස ලෝක නර්තන කවුන්සිලය(WDC) විසින් නියාමනය කරන ලද ලෝක ශූරතාවේ සිට විවිධ ප්‍රවීනතා මට්ටම් වලින් අඩු මට්ටමකට දක්වා තරග නිර්මාණය, වෘත්තීය හා ආධුනික මට්ටම්වලින් ද තරග සංවිධානය වීම ආදිය දැකිය හැකි අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තරඟකාරී බෝල්රුම් නර්තනය ක්‍රීඩාවක් ලෙස ඔලිම්පික් ව්‍යාපාරයට එක්කර ගැනීම ද සිදු කර ඇත.ජාත්‍යන්තර තරඟ සඳහා රටවල් තිහකට ආසන්න පිරිසක් තරග කරන අතර WDSF සහ WDC හි සාමාජිකත්වය ඇති රටවල් විස්සකට ආසන්නව පවතී.එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රිතාන්‍ය නර්තන කවුන්සිලය පවතින අතර බ්‍රිතාන්‍ය බෝල්රුම් ශුරතා,බ්‍රිතාන්‍ය අනුක්‍රමික ශුරතා,සහ එක්සත් රාජධානිය ශූරතාවය,ජාතික සහ කලාපීය ශුරතා ලබා දෙන තරඟ සංවිධානය කොට ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ද WDC (WDSF)සාමාජික ශාඛා ජාතික හා කලාපයේ ශූරතා පවත්වන අතර ජාත්‍යන්තර වශයෙන් එංගලන්තයේ (blackpool) බ්ලැක්පූල් හි වාර්ෂිකව පවත්වනු ලබන බ්ලැක්පූල් නැටුම් උළෙල නර්තන ක්‍රීඩා තරග කරුවෙකුට සහභාගි විය හැකි උත්කර්ෂවත් ම සහ කීර්තිමත්ම උත්සවය බවට පත්වී ඇත.


ඉහත ආකාරයට වාණිජකරණය තුළ තරඟ නිර්මාණය වීම හරහා පුද්ගල අවධානය නිර්මාණය වන අතර මෙම තරග සංවිධානය තුළින්

1) මෙකී නර්තන අධ්‍යයනයට යොමු වන පිරිස ක්‍රමයෙන් වර්ධනය වීම සහ මේවයේ ක්‍රී ඩාමය වටිනාකම ඉහළ යෑම හරහා අධ්‍යාපනය තුල ඉගැන්වීම, උපදේශනය ආශ්‍රයෙන් නිර්මාණය වන රැකියා පැවතීම, උසස් අධ්‍යාපනික හා උපදේශන ආයතන බිහිවීම සිදු වන අතර මේ බව එක්සත් ජනපදයේ මෙම ක්‍රීඩා ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති මැදිරි සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමක් සිදු වීම මගිනුත් නර්තන ක්‍රීඩා ආශ්‍රිත චිත්‍රාගාර කර්මාන්තයේ වෙළෙඳ පොළ ප්‍රමාණය 2015-2020 කාලය වන විට වසරකට 3% කින් වර්ධනය වී තිබීම මගිනුත් පැහැදිලි වේ. එමෙන්ම 2020 වන විට එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් 54627 කට ආසන්න චිත්‍රාගාර ක්‍රියාත්මක වූ අතර නර්තන චිත්‍රාගාර හිමිකරුවකු ගේ සාමාන්‍ය වැටුප ඩොලර් 43,048 ලෙස සඳහන් සදහන් වී ඇත.



මේ අනුව අපට හැඟීයන්නේ නර්තන ක්‍රීඩා සංකල්පය හරහා ඒවා උගන්වන ආයතන බිහිවීමත් ඒවා පවත්වාගෙන යන්නන් ආශ්‍රයෙන් රැකියා අවස්ථා බිහි වීමත් යන සාධක මත නර්තන ක්‍රීඩා මුදල් ඉපයීම සහ ආර්ථික තුලනය රටවල් වල පවත්වාගෙන යාමට වැදගත් වන වාණිජකරණයට ලක් වූ අංගයක් ලෙස හඳුනාගත හැකි බවයි.එමෙන්ම  ‌මෙහි වාණිජමය පැතිකඩ තවදුරටත් විස්තර කර ගැනීමේදීවෘත්තීමය නර්තන ශිල්පියෙකුගේ පැයක වැටුප ඩොලර් 19.96 ලෙස සඳහන් වන අතර ඒ ඔස්සේ  ැ පෙනී යන්නේ මුල් මුල්කාලීනව සමාජ නර්තනයක් ලෙස පැවැති නර්තනය පසුකාලීනව ඉන් ඔබ්බට ගොස් වෘත්තියක් ලෙස හඳුනා ගැනීමට නර්තන ක්‍රීඞා ඉවහල් වී ඇති බවත් ආර්ථිකමය වශයෙන් අනිවාර්ය පඬියකට ඒවායෙහි නිරත වීම තුළ නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජකරණයට ලක් වී ඇති බවත්ය.

එමෙන්ම (blackpool) බ්ලැක්පූල් ඇතුළු විවිධ නර්තන ක්‍රීඩා සංවිධානය කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් ඒවා පැවැත්වීම තුළ එහි වාණිජ වාසි වක්‍ර මාර්ග හරහා ඇති කර ගැනීම දැකිය හැකිය.


2)නර්තන ක්‍රීඩා සංවිධානය හරහා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක් ඇති වීම

ලොව පුරා පවතින නර්තන ක්‍රීඩා සඳහා අධිපති පාලක මණ්ඩලයක් නොමැති නිසා විවිධ සමාගම් සිය ගණනක් නොව දහස් ගණනක් නර්තන තරග පවත්වයි.

උදාහරණ-2023/03/01 වන දින Launceston Ballroom Blitz Dance Sport Festival


Hobart Dance Sport Frenzy (North Hobart)

ඉහත ආකාරයට නර්තන ක්‍රීඩා පැවැත්වීම හරහා ඊට විවිධ රටවල් සහභාගි වීම සිදුවන අත වන අතර ඒ හරහා රටට විදේශ රට වලින් පිරිස පැමිණීම තුළ එම රටෙහි ආකර්ෂණීය ස්ථාන පිළිබඳ අවධානය ලෝකයට යාම, සංස්කෘතික වටිනාකම් පිළිබඳ ලෝකයට යාම සහ තරග සංවිධානය වෙත පැමිණෙන පිරිසගේ දෛනික අවශ්‍යතා හරහා නවාතැන්, ආහාර වැනි සාධක ආශ්‍රයෙන් ඇතිවන ආර්ථික වාසි වැනි කාරණා මත නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජකරණය වීම සිදුවෙමින් රටට ආර්ථික වශයෙන් ශක්තියක් වී ඇත.

3) නර්තනය ක්‍රීඩාව ලෙස හඳුනා ගැනීමත් සමඟ එය බිහිවීමට මූලික වූ රටවල් වලින් පරිබාහිර රටවල් වල ද එය හැදෑරීම මෙම වාණිජකරණය ප්‍රතිඵලයක් විය. ඒ ඔස්සේ


  • නර්තන ක්‍රීඩා උපදේශන ආයතන නිර්මාණය
  • නර්තන ක්‍රීඩා ආශ්‍රයෙහි මුදලට ඉගැන්වෙන පන්ති පවත්වාගෙන යාම

මෙහිදී වාණිජ කරණය නර්තනයට කෙතරම් බලපා තිබේද යත් අදවන විට ශ්‍රී ලංකාවේ රටවල පුද්ගලයින් මේවා අධ්‍යයනයට යොමු වී ඇති අතර ඔවුන් එය හරහා බලාපොරොත්තු වන කාරණය නම් රටට රැකියා උත්පාදනය හා තරග සහභාගිත්වය හරහා මුදල් ඉපයීමත්, තරග සංවිධානය හරහා විදේශ විනිමය ඉපයීමත් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාරීරික යෝග්‍යතා සපයන්නන්ගෙන් එකක් වන T&A fitness ආයතනය 2nd dance sport championship නමින් තරග සංවිධානය සිදුකොට තිබුණි.

එමෙන්ම තර්ජා දි සිල්වා, ඇල්බටෝ රුයිස්, භාරත දී සිල්වා යන පුද්ගලයන්,කෙවින් නුගාරා වැනි පුද්ගලයින් මෙම කාර්යයේ නිරත වී ඇති අතර එය ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය පවා වාණිජකරණයට ලක් වී තිබීම දැකිය හැකිය.

4. එමෙන්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමත් සමඟ එය අද වන විට ගෝලීය වශයෙන් නව මාධ්‍ය වලට පැමිණීම වාණිජකරණයේ ප්‍රතිඵලයක් වී ඇත


ඒ අනුව youtube, facebook, instagram වන මාධ්‍ය වලට පැමිණ ඇති අතර මේ ඔස්සේ ග්‍රාහක නැතිනම් නරඹන්නන්ගේ පිරිස වර්ධනය වීම හා ප්‍රචාරණය ඉතාමත් සංකීර්ණ ලෙස විවෘත වීම හරහා නර්තන ක්‍රීඩාව වාණිජ ලෝකය තුළ දියුණු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නව මාධ්‍ය තුළ නර්තන ක්‍රීඩා වෘත්තිකයන් බිහි වීම,තරඟ ප්‍රචාරණ බිහිවීම,ඉගැන්වීම් ක්‍රම,උපදේශන ක්‍රම බිහි වීම ඇතුළු වෘත්තිමය භාවයක් නිර්මාණය වූ අතර එහි තවත් එක් වාණිජමය පැතිකඩක් වන්නේ යෞවනත්වය ඉලක්ක කරගත් වෙළෙඳ ප්‍රචාරණ වලදී විශේෂයෙන් ශක්තිජනක පාන, සුවඳ විලවුන් වර්ග වැනි පාරිභෝගික භාණ්ඩ ප්‍රචාරණයට ද නර්තන ක්‍රීඩාව යොදා ගෙන තිබීම දැක්විය හැකිය..මෙහිදී චචා,ජයිව් වැනි වැනි නර්තන උපයෝගී කොට ගෙන තිබීම දැකිය හැකිය.


උදා- යු ටියුබ්හි මිලියන 12කට වැඩි ග්‍රාහකින් සමඟ Matt Steftanina ඉහළ තනි නර්තන ශිල්පිනියක් බවට පත් වීමේ හැකියාව ලැබී තිබීම.

World Dance Sport Federation සහ Blackpool වැනි උත්සව සංවිධාන විශයෙහි යූටියුබ් නාලිකා බිහිවී ඇති අතර ඒවායෙහි පරිශීලකයින්ගේ වර්ධනයක් තිබීම ආදිය ඉහත කරුණු ආශ්‍රයෙ හි උදාහරණ වේ.

එමෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් නැටුමට නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඒ ආශ්‍රයෙන් සංගීත නිර්මාණ, ඇඳුම් නිර්මාණ,වේදිකා පරිපාලනය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර ඒවා ආශ්‍රයෙහි රැකියා බිහිවීම සිදුවිය. එහිදී එම කටයුතු මුදලට සැපයීම නිර්මාණය විය. බොහෝ විට මෙම නර්තන ක්‍රීඩා රඟ දක්වන ස්ථාන ලෙස පිටියක ස්වරූපයේ ස්ථාන යොදා ගැනීම දැකිය හැකි විය මින් එහා මූලිකවම නර්තන තරග ලෙස බලපැවැත්වෙන හා හඳුනාගෙන තිබෙන ස්ථානයන් යටතේ හඳුනාගත හැකි නර්තනාංග දැකිය හැකි අතර මේවා සමාජයට විවෘත වීමට වැදගත් වූයේ මාධ්‍ය හා
[12:06 PM, 1/11/2026] Asha: රියැලිටිකරනය වාණිජකරණයේ ප්‍රධානතම ලක්ෂයක් ලෙස හඳුනාගත හැක වේ.මෙම රියැලිටිකරණය ලොව පුරාම හදුනාගත හැකිය. ඒ අනුව බෝල්ලෑම්,ලතින් ලෙස හඳුනාගන්නා නර්තන ක්‍රීඩා මෙන්ම ඉන් එහා හඳුනාගත හැකි බැලට්, බී බෝයිස්,ෆ්ලෙමෙන්කෝ,බෙලි,කපෝයිරා,පෝල් ඩාන්සින්,ජිම්නාස්ටික්,රොබටික,ඇක්‍රොබැටික් වැනි ශෛලීන් හඳුනාගත හැකිය.

  • -The category is-original anthology series, explores how ballroom culture has evolved beyond new yorkcity and grown to shape queer communities throughout the world.

  • Let's dance-well known celebrities are paired with professional ballroom dancers.each week the paires compete by performing one or more choreographed routine that follow the prearranged theme for that particular week.

  • Dancing with the stars-A spin off of dancing with the stars pairing celebrity kids with professional junior ballroom dancers to perform choreographed routins which are judged by a panel that includesrenowned ballroom experts.

  • Dancing on ice-two past Olympic winners pair of random celebrities with professional skaters the professionals with some help from the Olympic winners.create dances on the ice toas they go head to head for the chancetown.

  • America's got talent

  • So you think you can dance-dancers skilled in everything from ballroom and ballet to salsa, jive, hiphop and krumping all compete to be named the best.

ඉහත ආකාරයට ලෝක මට්ටමින් රියැලිටි තරඟ සංවිධානය වී තිබීම දැකගත හැකි අතර ඒ ඔස්සේ තරගවලට සහභාගී වන පිරිසට ප්‍රාසංගික ලෝකය තුළ දීප්තිමත් අනාගතයක් නිර්මාණය වන අතර එස්.එම්.එස් ක්‍රමය හරහා තරඟ දියත් වීම හා අනුග්‍රාහකත්වය මත තරඟ පවත්වා ගෙන යාම වැනි කාරණා හරහා රියැලිටිකරනය නර්තන ක්‍රීඩා වලට බලපා තිබේ. මේ ක්‍රීඩාව නියුතු ශිල්පීන්ට පාරිභෝගික භාණ්ඩ මගින් අනුග්‍රහකත්වය සැපයීම් මගින් භාණ්ඩ ප්‍රචාරණයක් ද නර්තන ක්‍රීඩා සිදුවීම හරහා වාණිජකරණය ප්‍රගමනයක් ද ඇති වී තිබේ .එමෙන්ම මෙකී රියැලිටිකරණය නව මාධ්‍ය ග්‍රහක පිරිස් ඉලක්ක වන අතර ඒ ඔස්සේ ගෝලීය වශයෙන් නර්තන ක්‍රීඩාව අන් රටවල් හඳුනා ගැනීමට වැදගත් වී තිබේ.ඉහත අන්තර්ජාතික තලයේ ප්‍රසිද්ධ රියැලිටි නර්තන ක්‍රීඩාවන්ට අවකාශ හැරුණු විට ශ්‍රී ලංකාවේ රියැලිටි කලාව තුළ මෑත භාගයේ නර්තන ක්‍රීඩාවන් විලාශයෙන් කැටිකොට ගනිමින් නිර්මාණ ඉදිරිපත් කර තිබීම දැකිය හැකි අතර ඒවා සේ තම අනාගතය පැහැදිලි කර ගත් ශිල්පීන් ඇතුළු තරු බිහිවීම සිදුවිය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන් ලෙස Derana city of dance, Derana little Star, Hiru Super Dancer, Hiru step up  දේශීය සාම්ප්‍රදායික නර්තනයේ ඔබ්බට ගිය ජාත්‍යන්තර මට්ටමින් නර්තන ක්‍රීඩා ලෙස හඳුනාගෙන තිබෙන අංගයන් එනම් බෝල්රුම්,ලතින් ඇතුළු හිපොප්,ජිම්නාස්ටික් වැනි විලාස අද වන විට නර්තන තුළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් බවට පත්වී ඇති අතර බොහෝ විට සාම්ප්‍රදායික නර්තනයෙන් පවා ඔබ්බට ගොස් මේවා නැවත ප්‍රතිසංවිධානය කොට ඉදිරිපත් කිරීමට තරම් නර්තනයට ක්‍රීඩාව යන සංකල්පය පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ මෑත මෑතකාලීන ක්‍රීඩාමය ස්වරූපය නර්තනයට එකතු කරගනිමින් වාණිජමය වශයෙන් සාර්ථකත්වයට මග පෑදූ පුද්ගලයින් අතරලලිත් පැරකුම් ස්ටුඩියෝ ,කෙවින් නුගාරා ඇතුළු රියැලිටි තරඟ හරහා නර්තන ක්ෂේත්‍රය ආක්‍රමණය කළ පුද්ගලයන් වැදගත් වී තිබේ. සාම්ප්‍රදායික නර්තනය පවා ක්‍රීඩාමය ස්වරූපයෙන් වේදිකාවට නිර්මාණය කිරීමට ඔවුන් උත්සහා ගන්නා අතර ඔවුන් එය ජාත්‍යන්තර නර්තන ක්‍රීඩා වලට පවා යොදා ගෙන ඇත.








මොවුන් විසින් තවදුරටත් දරුවන්ට මේ පිළිබඳව අධ්‍යාපනය ලබාදීම දීප ව්‍යාප්තව සිදුකරගෙන යන අතර ඒ ඔස්සේ වාණිජමය වශයෙන් ඇති වී තිබෙන මුදලට දැනුම ලබාදීම හරහා මිනිසුන් විෂයෙහි ඒ පිළිබඳ ගෞරවය රඳවා ගනිමින් තවදුරටත් නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජත්වය තුළ සාර්ථකත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී .දේශීය සාම්ප්‍රදායික නර්තනයේ හරපද්ධතීන් වලට හානියක් නොවන අයුරට බාහිර නර්තනමය ප්‍රවණතාවයන් අත් හදා බලමින් සාම්ප්‍රදායික නර්තනය ඔස්සේද නර්තන ක්‍රීඩාවෙහි ප්‍රවණතාවන් හඳුනා ගැනීමට උත්සාහ ගැනීම වර්තමාන ආර්ථික ලෝකය තුළ නර්තනයේදී පැවැත්මට වැදගත් වේ. නැතිනම් කාලය සමඟ වෙනස් වෙන මිනිසාගේ රසවින්දනයට සමපාතව කලාවද පරිකල්පනිය වෙනස්වීමට නොහැකි වන තැන එහි අනාගතය ප්‍රශ්නකාරී විය හැකිය. එමනිසා ජාතික සහ ජාත්‍යන්තර ලෙස මෙසේ නර්තනය ක්‍රීඩාවක් ලෙස නැගී සිටිමින් විවිධ කෝණ හරහා ගලාගෙන යාම වාණිජමය වශයෙන් ඉදිරි අනාගතය පැහැදිලි කිරීමට වැදගත් වේ. තවද අද වන විට රිද්මයානුකූල ජිම්නාස්ටික් විලාස,පෝල් ෆ්‍රී ස්ටයිල්,අයිස් ඩාන්ස් යන සංකල්ප නැවත ක්‍රීඩා ස්වරූපයෙන් වාණිජ ලෝකය තුළ දියුණු වී ඇති අතර ඒවා විෂයෙහිද තරග පැවැත්වීම ජනප්‍රිය වී ඇත.

ඒවාද වාණිජමය වශයෙන් සාර්ථකත්වයට වැදගත් වී ඇති අතර සාමාන්‍යයෙන් නර්තනයක් හෝ ක්‍රීඩාවක් බලනවට වඩා නර්තනය හා ක්‍රීඩාව යන දෙකම එකට රසවිඳීම හරහා නිර්මාණය වන ප්‍රේක්ෂකාගාරය විශාල වන තරමට ම වාණිජමය වශයෙන් සාර්ථකත්වය ද ඉහත නර්තන ක්‍රීඩා ආශ්‍රයෙ හි පැහැදිලි වේ.



උක්ත ආකාරයට නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමත් සමඟ එය වාණිජ ලෝකය තුළ සාර්ථක කර්මාන්තයක් ලෙස වක්‍ර ලෙස ලෝකයා වටහා ගන්නා අතර, එය ගෝලීය ප්‍රජාව කුමන හෝ ආකාරයකින් දැනුවත්ව හෝ නොදැනුවත්ව නර්තන ක්‍රීඩා සමග බද්ධ වී ඇති අතර ඒ බව කුඩා දරුවන් විෂයෙහි පවා ඉගැන්වීම්, උපදේශන ,රියැලිටි තරග ,නවමාධ්‍ය ප්‍රසිද්ධිය නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වේ.

මේ අනුව නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජකරණය වීම ප්‍රවණතාවක් ලෙස වැදගත් වී ඇති ආකාරය පහත කාරණය තුලින් තවදුරටත් විසද වේ

https://youtube.com/shorts/n7ZV42Eiyf4

https://youtube.com/shorts/nVIH01rn3Pc

ඇති ආකාරය පහත කාරණය තුලින් තවදුරටත් විසද වේ


නර්තන ක්‍රීඩා වල වාසි සහ වාණිජ ලෝකය තූළ එහි අනාගතය

යූටියුබ් වැනි සබැඳි වේදිකා දිගුකාලීන සහ අභිලාෂක නර්තන ශිල්පීන් සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසකට ප්‍රවේශය ඇතිවීම ඇති වීම අනාගත නර්තන ක්‍රීඩා තුළ ඇති විය හැකිය හේතුව ආර්ථික ලෝකය තුළ පහසු සහ කාර්යක්ෂම අත්හදා බැලීමට මිනිසා හුරු හුරුපුරුදු වීමත් මෙම නර්තන ආශ්‍රිතව ඇතිවන ප්‍රවණතාවයන්ට ඉක්මනින්ම ප්‍රේක්ෂකයා නිර්මාණය කර ගැනීමේ පහසුම ක්‍රමය විද්‍යුත් වේදිකා නිර්මාණයන් බව වටහා ගැනීම නිසා අනාගතය තුළ නර්තන ක්‍රීඩාවන් සඳහා යූටියුබ් ෆෙස්බුක් නව මඑළි නව මාධ්‍ය වේදිකා නිර්මාණය විය හැකිය මෙහිදී දක්නට ලැබෙන වාසිය නම් නව මාධ්‍ය වේදිකා නිර්මාණය වීම හරහා වියදම අඩු වීමයි.

ක්‍රීඩාව යනු නීති රීති හෝ ව්‍යවහාර මාලාවන් විසින් පාලනය කරනු ලබන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකම් ය. ක්‍රියාකාරකම්ය ක්‍රීඩාවක් ලෙස සාමාන්‍යයෙන් අර්ථ ගන්වන ලබන්නේ තරගකරුවන්ගේ කායික ශක්‍යතාවන් නිර්ණය කරන සාධකයක් වේ .ක්‍රීඩාව මිනිසුන්ගේ ස්වභාවය සහ පරිසරය ප්‍රගුණ කිරීමට බොහෝ දුරට ප්‍රයෝජනවත් වන අතර ක්‍රීඩාව තුලින් සමාජ වෙනස්වීම් පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා ලැබෙනු ඇත ඒ අනුව නර්තනය ක්‍රීඩාවක් ලෙස හැදෑරීමේ දී විනෝදාස්වාද මාර්ගයක් මෙන්ම තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරගැනීමට හැකි මාර්ගයක් ද වේ. "ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස පැළඳිය යුතු ධර්ම පදක්කමක් නොවේ” ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කිරීමට නර්තන ක්‍රීඩාව හරහා හැකියාව ලැබේ.

ප්‍රාසංගික කලා ක්ෂේත්‍රය තුළ නර්තනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි 1948 නිදහස ලැබීමෙන් පසුව යටත් යටත්විජිත කරණයට ලක්ව තිබූ සමාජ ආර්ථික සංස්කෘතික ආදී වූ සෑමඅංශයක් වෙත ම එම නිදහස දැනෙන්නට විය.ඒ අනුව ඉන් පසුව ඇති කරනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් නිදහසට පෙර තිබූ තත්ත්වයට වඩා ප්‍රමුඛ අවස්ථාවන් නර්තන විෂය සම්බන්ධව ඇතිවිය.පාසල් පද්ධතියට නර්තනය විෂ සම්බන්ධව ඇතුළු වූවා මෙන්ම නිදහස් අධ්‍යාපන ක්‍රමය ද නර්තන විෂය පැවැත්මට මහෝපකාරී විය.1972 දී රජයේ පාසල් වලට සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්ය කිරීම හා නර්තන ගුරුවරුන් ප්‍රගුණ කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කිරීම සුවිශේෂී තෝතැන්නකි.

ලංකාව තුළ මෙම නර්තන ක්‍රීඩා මංගල නර්තනයක් ලෙස ව්‍යාප්ත නොවුණත් විදේශ රටවල ඔවුන්ගේ මංගල උත්සවවලදී විශේෂිත වූ මංගල නර්තන අවස්ථාවක් ලෙස දැකගත හැකිය.

Ex :- බෝල්රූම් නර්තනය දියුණු තාක්ෂණික ලෝකයත් සමඟ අනාගතය තුළ තුල වැඩියෙන්ම මුදල් උපයන මාර්ගයක් ලෙස නර්තන ක්‍රීඩා හැඳින්විය හැකි අතර එහිදී පුද්ගලික මෙන්ම රටක ආර්ථික ක්ෂේත්‍රයටද සංවර්ධනය කරලීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. මෙය ප්‍රවණතාවයක් ද වේ. රටක ශක්තිමත් පුරුකක් ලෙස තරුණ ප්‍රජාව හැඳින්විය හැකි අතර ප්‍රවණතාවක් ලෙස තරුණ ප්‍රජාව බහුල ලෙස නර්තන ක්‍රීඩා සදහා යොමුවීම දැකගත හැකි අතර ඒ වගේම වක්‍රාකාරයෙන් ගත් කල ගත්කල සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කරලීමට ද අවස්ථාව මෙමගින් ගොඩනැගේ.වැඩ ලෝකයට සිර වූ මිනිසාට

කායික මෙන්ම මානසික චිකිත්සන යක් ලෙස ද නර්තන ක්‍රීඩා විශේශත්වයක් දරන අතර එයද ප්‍රවණතාවයක් ලෙස දැක ගත හැකිය.

කාවාඩි නර්තනය

                             දෙවියන් පිනවන කාවාඩි නර්තනය.


 දේව විශ්වාසයන් හා අභිචාර විධියක් ලෙස කාවඩි නර්තනයට පසුබිම නිර්මාණය වීම

කාවඩි නර්තනයේ ප්‍රධාන දේව විශ්වාසය බැඳී පවතින්නේ මුහුණු සයක්,අත් දොළසක්,රන්වන් සිරුරක් හෙබි රණමයුරකු පිට නැගී සැමවිටම ජයග්‍රහණයේ සීනු සහ කොඩි දරණ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් සමගය.ඉන්දියාවේ සුබ්‍රමනියම්,මුරුගන් ආදී ලෙසත් ලංකාව තුළ කඳ කුමරු,ස්කන්ධ දිව්‍යරාජ ලෙසත් පිදුම් ලබයි.මහා වංශයට අනුව වාසභවන කාජරගාම හෙවත් කතරගම වන අතර කහ කුරුලු සන්දේශය සහ රොබට් නොක්ස් වාර්තා අනුව වැඩිහිටි කන්දේ පැවැති ස්කන්ධ කුමාර දෙවොල මැණික් නදිය අසබඩ 18 වන සියවසේ ඉදිකොට ඇත.ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේදි බුදු සමය සමඟ මිශ්‍රවීමෙන් දියුනුවට පත් දේව විශ්වාසයන් හේතු කොට ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශ වල දෙවොල් ඉදිවූ අතර කතරගම දෙවි උදෙසාද ගඩලාදෙණිය, ලංකාතිලක, ඇම්බැක්කේ, අලුත්නුවර ආදී ස්ථානවල දෙවොල් ඉදිවී ඇත.


මෙසේ දේව විශ්වාසයන් සමඟ බැඳුණු අභිචාර ලෙස විවිධ චාරිත්‍ර පුද සිරිත් ශ්‍රී ලංකාව තුළ ඇති වූ අතර පුද්ගලයන්ගේ කායික මානසික ව්‍යාධි වල සිට ඉටු කරන සියලු සුබ කාර්ය වලදී කතරගම දෙවි විෂයෙහි භාරහාර වීම තුළින් එකී කටයුතු ඉටු වන බවට තරයේ විශ්වාස කරන වැසියන් රෝහණ දේශයට අධිපති කතරගම දෙවි උදෙසා පුද සිරිත් ඉටු කිරීම කරන්ට විය. එහි ප්‍රතිඵලයක් ලෙස කප් සිටුවීම, ගිනිපෑගීම ,දිය කැපීම වැනි පුදසිරිත් ආරම්භ වූ අතර කාවඩි නර්තනය යනු එවැනිම දෙවියන් විෂයෙහි ආරම්භ වූ පූජා නර්තනයකි.රෝහණ දේශයට අධිපති කඳසුරිඳු උදෙසා පවත්වනු ලබන ඇසළ උත්සවයේ කාවඩි නැටුමට සුවිශේෂි ස්ථානයක් හිමි වන අතර කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයන් අතර ඉතාම විසිතුරු වූත් අති විශාල පිරිසකගේ සහභාගිත්වය ලබන්නා වූත් ඇසළ මංගල්‍යය තුළ ඉන්දීය සම්භවයක් සහිත ආගමික භක්තිය පෙරදැරිව ඉටුකරන ද්‍රවිඩ ගැමි නැටුම් විශේෂයක් වන කාවඩි නර්තනය වැදගත් වී ඇත .දැඩි දේව භක්තියකින් සිදු කරන මෙම නර්තනය දේවාල පුද සිරිත් අතර විශේෂ තැනක් හිමිකර ගනී.මේ අනුව කාවඩි නර්තනය කතරගම දෙවියන් වෙනුවෙන් කරන පූජා නර්තනයක් ලෙස වැදගත් වන අතර එය භක්ති නර්තනයක්ද වේ. කාවඩි ආට්ටම් ලෙසද හැඳින්වෙන කාවඩි නර්තනය කාව හා තඩි යන වචන ද්විත්වයෙන් සෑදෙන කාව තඩි යන්නෙන් බිඳී කාවඩි නර්තනය යන්න සැදී ඇත.


කාවඩි නර්තන උපත


දේව කතා ඉතිහාසයේ කාවඩි උපත පිළිබඳ ව අපූරු රසවත් තොරතුරු සඳහන් ව තිබේ.එහි එන කතා පුවතකට අනුව ඈත පුරාණයේ දෙවියන් සහ අසුරයන් අතර පැවතියේ යැයි කියන මහා සටනේ දී කඳ කුමකුමරු අදින් අන්ත පරාජයට පත් සුරපද්ම නම් අසුර නායකයා පණ බේරා ගැනීම සඳහා පලාගොස් සැඟවී ගත්තේය.මෙම සුරාසුර යුද්ධයේදී සුරපද්මට පරාජය හිමිවූයේ ඔහුගේ සේනාධිනායක හිඩම්බේශ්වරගේ වරදින් බව සැක කළ අසුරයෝ ඔහු අල්ලා මරා දැමිය යුතු යැයි තීරණය කළහ. මේ  බව දැනගත් හිඩම්බේශ්වර මහා බලසම්පන්න අගස්ති නම් ඍෂිවරයා ළඟට දිව ගොස් දණින් වැටී වැඳ නමස්කාර කොට තමා මරණින් ගලවා ගන්නා ලෙස ඇයද සිටියේ ය.ඊට කන් දුන් අගස්ති සෘෂිවරයා ඔහු මරණින් බේරා ගැනීමට නම් 'ශිව ගිරි' සහ 'සප්ත ගිරි ් කඳු පර්වත දෙක රැගෙන විත් තමා ඉදිරියේ තබන ලෙස හිඩම්බේශ්වරට පැවසීය.අගස්තිගේ නියාමය පරිදි තම පණ බේරා ගැනීමට කඳු දෙක රැගෙන ඒම සඳහා ඔහු එවෙලේම පිටත්ව ගියේය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට නොලැබුණි. සාමාන්‍ය පිරිමි ළමයකු ලෙස වෙස් වලාගෙන මග රැක සිටි කඳකුමරු විසින් හිඬත්කේශ්වර ජීවග්‍රහණයෙන් අල්ලා මරා දැම්මේය. ඒ අපරාධය සැලව කඳ කුමරුට දඬුවම් කිරීමට නොහැකි බැවින් උරණ වූ අගස්ති වහා එතැනට පැමිණ හිඩම්බේශ්වරට නැවත ප්‍රාණය ලබා දුන්නේය. යළි පණ ලැබීමෙන් මහත් සතුටට පත් හිඩල්කේශ්වර වහා දුව ගොස් කඳු පර්වත දෙක ගෙනැවිත් කරපිට තබාගෙන අගස්ති ඉදිරියේ නටන්නට පටන් ගත්තේය. එදා 'ශිව ගිරි' හා ‛සප්ත ගිරි ් කඳු කර පිට රඳවාගෙන හිඩම්බේශ්වර කළ රංගනය පසුව කාවඩි නර්තනය ලෙස කතරගම දෙවියන් ඉදිරියේ සිදුකරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


> කාවඩි නර්තනයේ හින්දු ආභාෂය සහ නව මුහුණුවර


ප්‍රතිපත්තියක් වශයෙන් දෙවියන් සතුටු කිරීම සඳහා ශරීරයට දුම්දීම 'අත්තකිලමථානුයෝගය"  හින්දු භක්තිකයෝ මහත් ඉහළින් අගය කරති.මේ පිළිගැනීම පදනම් කරගනිමින් ගොඩනැගුණු එබඳු දේව පූජා විධි අතර කාවඩි නර්තනය වැදගත් වේ.අතීතයේ දී කුලීනයන්ට පමණක් සීමා වූ මෙම පූජා විදිය කලකදී ඉතා ඉහළින් සැලකුණ පංචමාකාර පූජා විදියෙන් එකකි.මෙහිදී අන් නර්තනයන් මෙන් ස්ත‍්‍රී පුරුෂ භේදයක් දක්නට නොලැබෙන අතර දෙපාර්ශවයම රඟදක්වනු ලැබේ.


මෙසේ හින්දු ආභාෂයෙන් ස්කන්ධ කුමාර දේව ඇදහීමත් සමග ශ්‍රී ලංකාවට ඉන්දීය සම්භවයක් සහිත ව පැමිණි කාවඩි නර්තනය වර්තමානයේ නව මුහුණුවර ගත් විට ජාති ආගම්,කුල ආගම් වැනි කිසිත් භේදයක් නොසලකා සංස්කෘතික ඝට්ටන වලින් තොරව සියලු දෙනාම පාහේ නර්තනයේ යෙදීම සහ එය රස විඳීම දැකිය හැකිය.මුල් කාලීනව දෙවියන් පිදීම යන සංකල්පයට වඩා අද වන විට සංගීත රසයෙන් හෙබි ප්‍රේක්ෂකයන් පිනවන විනෝදජනක නර්තනයක් ලෙස වර්ධනය වී ඇත.නව මුහුණුවර තුළද ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයම නර්තනයේ යෙදීම දැකිය හැකි අතර පැරණි කාලයට වඩා කාවඩි නර්තනය සදහා යොදා ගන්නා සංගීතය, රංග වස්ත්‍රාභරණ,කාවඩි කූඩුව ආදියෙහි වෙනස්වීම් සහ ප්‍රවණතාවයන් මතුවී ඇත.


> කාවඩි නර්තනයේ හදවත

කාවඩි කූඩුව

කරගන්නා කාවඩි නැටීමේදී උපයෝගී මෙවලම වන 'කාවඩි කූඩුව සම්මත පිළිවෙලකට තනා ගනියි.අඩි හතරත් පහත් තරම් දික් වූ සැහැල්ලු ලීයක් ආරුක්කුවක හැඩයට නවා එහි දෙකෙළවර ට හරස් ලියක් සවි කර ගනු ලැබේ.ඉන්පසු කාවඩි කූඩුව රංගනයේ යෙදෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි නොයෙක් වෛවර්ණ සැරසිලි ක්‍රම යොදා අලංකාර කර ගනී.මේ සඳහා රතු

 නිල් කහ තැඹිලි, දම් වැනි තද වර්ණ රෙදි කැබලි හෝ එවැනි ම වර්ණ සහිත කඩදාසි වර්ග. ඉටි කොළ බහුල වශයෙන් යොදා ගැනේ. විශේෂයෙන්ම තද රතු වර්ණය උපයෝගී කර ගැනීම කාවඩි නිර්මාණකරුවෝ අමතක නොකරති. කතරගම දෙවියන් හට හිමි වර්ණය රතු පාට බැවින් කාවඩි සැරසිලි වලට ද රතුපාට වැඩිපුර යොදා ගන්නා අතර අලංකාර බව වැඩි කිරීම සඳහා නොයෙක් වර්ණ කොඩි සහ කුඩා ගෙජ්ජි වැල් එල්ලනු ලැබේ. කාවඩියට දර්ශනීය මොනර පිල් යොදා ගනු ලැබීම සුවිශේෂී වන අතර කතරගම දෙවියන් හට අයත් මයුරාසනයේ මොණරා සංකේතවත් කිරීමට කාවඩියට මොනර පිල් එක් කරන බව සඳහන් වේ.කාවඩි කුඩුව නිර්මාණය සඳහා භාවිතා කරන දැව වර්ග වනුයේ කොස්, කෝන්, බෝ, සුදු හඳුන්, පුවක් ආදී වර්ගයි.කාවඩි කුඩුව තුළ කතරගම දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ රූප යොදා ගනු ලබන අතර මොනර පිල් මුළු හතරට 7 බැගින් යොදා අලංකාර කර ගනු ලබයි.මෙම කුඩුව සෑදීමේදී තඹ සහ පිත්තල ඇණ පමණක් භාවිතා කරයි. පොදුවේ කාවඩි කුඩුවක් නිර්මාණය කිරීම සහ සැරසීම මේ ආකාරයෙන් සිදු වුවද විවිධ කාවඩි ප්‍රභේදයන් පවතින නිසා එම ප්‍රභේදය ට අනුව මෙම කාවඩි සැකසීමේ සම්මත පිළිවෙලවල් වල ඇතැම් සුළු වෙනස්කම් ඇතිවීම සිදුවිය හැකිය.


> කාවඩි වර්ග

පරවි කාවඩි, භක්ති කාවඩි, ගිනි කාවඩි,කිරි කාවඩි, මත්ස්‍ය කාවඩි ආදී ලෙස කාවඩි වර්ග කිහිපයකින් කාවඩි නර්තනයන් ප්‍රධාන වශයෙන් වර්ග කරයි.


පරවි/ පරවා කාවඩි

කෙළවර ලෝහමය කොකු සමූහයක් අට්ටාලයක මතින් පහළට වැටුණු කඹයක වෙයි. බැතිමතා ලී තට්ටුව මත මුනින් දිගා වූ පසු ශරීරයෙහි තැනින් තැන කොකු අමුණයි. අනතුරුව ක්‍රම ක්‍රමයෙන් කඹේ ආධාරයෙන් ඉහළට ඔසවයි. අනතුරුව කොකුවලින් එල්ලෙන ශරීරය නිදැල්ලේ පැද්දෙමින් ප්‍රදර්ශනය කරයි.කරත්තයක මුදුනෙහි කාවඩිය තබා ඉන්පසු ඉන් පහළට එල්ලෙන නූල් කීපයක කෙලවරේ ඇති කොකු වලින් සම සිදුරු කරගෙන පරවි කාවඩිකරු නැතිනම්  මුරුගන් භක්තිකයා නිවසේ සිට කෝවිල කරා කොකු මතින් එල්ලී පැමිණ කෝවිල් ද්වාරය අසල දී පොල් ගෙඩියක් පොළවේ ගසන අතර ඉන්පසුව කරත්තය මුදුනෙහි තැන්පත් කර ඇති කාවඩිය කරෙහි තබාගෙන කෝවිල වටා ගොස් මුරුගන් දෙවියන් වන්දනා කරයි.මෙම නැටුම් වල යෙදෙන අයගේ සිරුරේ අවයව කොටස් දැඩි ලෙස වධ බන්ධනයට ලක් කරන අතර දිව මුඛයෙන් පිටතට ඇද කටු ගසා ගෙන නටන අතර තවත් කෙනෙකු දෙකම්මුල් පසාරු වී යන ලෙස උල් කටු ගසා ගනිමින් කාවඩි රංගනයේ යෙදේ. නැතහොත් කරත්තය හෝ ට්‍රක් රථයක සවිකල කණු දෙකක පොල්ලක් බැද කාවඩි නටන්නාගේ පිටේ යකඩ කොකු අමුණා වටේ කරකවයි.නාස් වල සහ සම සිදුරු වන සේ

කටු ගසා ගෙන මොවුන් නර්තනය කරන අතර මස් මාංශ සහ සුරාවෙන් වැළකී ඔවුන් මෙම කටයුත්ත සඳහා සහභාගි වේ.කිලි කුණු වලින් තොරව පිරිසිදුව දින ගණන් පේවී දේවාශිර්වාදය ලබා ගැනීම මෙහිදී වැදගත් වන අතර දේව විශ්වාසය නිසා සිරුරට වේදනාවන් ඇති නොවේ. දේව හාස්කමක් ලෙස බැතිමතුන් මෙය විශ්වාස කරන අතර පරවා කාවඩි නැටීමෙන් පසු ශරීරයේ සිදුරු වූ තැන් වල තින්නරු කුඩු විශේෂය ගල්වයි.මෙම කුඩු වර්ගය "තින්නෝරු" යනුවෙන්ද හැඳින් වේ. තින්නෝරු කුඩු තුවාල මත ආලේප කළ සැණින් සියලුම ලප කැලැල් සුව වී වියළී මැකී යනු ලබන අතර එහි ඇති අගනා ඖෂධීය ගුණය එයින් පෙන්නුම් කරයි.මෙම පරවා කාවඩි නර්තනය ඉතාමත් ත්‍රාසජනක සහ බිය ජනක අවස්ථාවක් වන අතර මෙහිදී නිරූපණය කරන්නේ ශෘංගාරාත්මක හෝ රිද්මයානුකූල චලන නොව ඉතාමත් බියජනක කැරකවීම්, දෙපසට පැද්දීම් වැනි චලන වේ. බොහෝ විට මෙම අවස්ථාවට මුහුණ දෙන පුද්ගලයා ඔවුන්ගේ දෙඅත් වලින් වැඳීම් වැනි චලන සිදු කිරීම දැකිය හැකිය.


භක්ති කාවඩි

දේව භක්තිය කුළුගන්වන පූජා ක්‍රමයකි. එය අසුර සංහාර දිනය, ස්කන්ධ කුමාර උත්පත්තිය , වල්ලි මාතාව විවාහ කර ගත් දිනය ආදී සිදුවීම් නිමිති කරගෙන පවත්වනු ලබයි.

මුරුගන් කාවඩිය යන නමින් ද මෙය හඳුන්වන අතර ඉතා විශාල ලෙස මෙම කාවඩිය සකස් කරයි. කොස් හා සඳුන් දැව වලින් නිර්මාණය කරන අතර මෙම කාවඩිය නටන පුද්ගලයා ශක්තිවන්ත අයකු විය යුතු වේ.මෙම කාවඩියේ මොනර පිල් රැසක් ගසා ඇති අතර බර අතින් ද වැඩිය.සෑම වසරකම අසුර සංහාරය සිදු වූ ඉල් මහා මංගල්‍ය දිනය දේව සේනාපති තනතුරු ගත් වෘශ්චික රවියේ කැති නැකත යෙදෙන දිනය. උපන් දිනය වන මකර රවිගේ කැති නැකත යෙදෙන දිනය හා කතරගම දෙවිඳුන් වල්ලි මාතාව සමග විවාහ වූ බක් මහ උත්‍රපල් නැකත යෙදෙන දිනය යන දිනවල භක්ති කාවඩි පූජා පැවැත්වේ.

ගිනි කාවඩි

විශේෂ සැරසිලි කිහිපයකින් සමන්විත මෙම කාවඩි කුඩුව අලු කෙසෙල් පතුරු සහ ගොක් කොළ වලින් සරසා මුළු හතරට මොනර පිල් 7 බැගින් යොදයි. අනතුරුව නාග පෙණ ආකාරයෙන් සැකසූ ගිනි පන්දම් වලින් සරසා සිරුර පුරා රිදියෙන් සැකසූ වේලායුධ එකසිය අටක් ගසා ගනු ලබයි දේවාලයේ පහන් දැල්වීම හා සැබැදි කාවඩි පූජාවකි. දැල්වෙන කාවාඩි කූඩුව කර තබාගෙන නටමින් දේවාලයට ගමන් කර එහි ඇති පහන් තම පන්දම් ම්වලින් දල්වයි. මෙම කාවඩිය නැටීම තරමක් අපහසුය. පසුව පහන් දල්වා පිටේ බැඳ මෙම කාවඩි රංගනයේ යෙදෙති.

කිරි කවඩි

කළු පැහැ කිරි එළදෙනක් සිය පැටවාද සමග ගෙන මනාව නහවා මල් මාලා වලින් සරසා සුවඳ දුම් අල්ලා පිරිසිදු කරගෙන කිරි දොවා ගනු ලැබේ. දොවාගත් කිරි පිරිසිදු මුට්ටි වලට දමා කට බැඳ කාවාඩි කුඩු දෙපස එල්ලනු ලබයි. ඉන්පසු ජනතාවට ආශිර්වාද ආශිර්වාද කිරීමට කිරි කවඩි නර්තනය  කරනු ලබයි.මෙම කිරි පිත්තල මුට්ටියකට දමා කාවාඩි කාවඩිය දෙකේ ැකක් නර්තනය කරනු ලබන අතර මෙම කාවඩිය නැටීම සිදු කරනු ලබන්නේ දරුවන් ලෙඩ වූ විට හා දරු ඵල ලබා ගැනීමට පෙර දෙවියන්ට සිදු කරනු ලබන බාරහාර ඔප්පු කිරීම වශයෙනුයි.මෙම සෙම්බු වල පුරවන ලද කිරි ඉතිරී විසිරී ගොස් රැස්ව සිටින බැතිමතුන්ගේ ඇඟට වැටුණේ නම් ඔවුන්ට දේවාශීර්වාදය ලැබෙන බව විශ්වාස කරයි.දවස පුරා නැටුවද කිරි විසිරී ගියද සෙම්බු වල පිරවූ කිරි කිසිදු අඩුවක් නොවන බව ඔවුන්ගේ පිළිගැනීම වන අතර කඳ සුරිඳුගෙ දේව බලයෙන් හා හාස්කම් නිසා එය සිදුවන බව විශ්වාසයයි.

මත්ස්‍ය කාවාඩි

බැතිමතුන් විශ්වාස කරන්නේ පිසු මසුන් අධික දේව භක්තියට අනුව යළි පණ ලබා දියෙහි පිනා යන බවය. පිළිගත නොහැකි සිද්ධීන් ගෙන් යුත් නාමමාත්‍ර පූජා විශේෂයක් වශයෙන් මත්ස්‍ය කාවඩි හැඳින්වෙයි. මෙය වර්තමානයේ භාවිතයෙන් තොර ක්‍රමයකි. මාලු ව්‍යාංජනයක් සහිතව මුට්ටි කාවාඩි කූඩු වල එල්ලාගෙන ගමේ ඇවිද දේවාලයට පිවිසෙන බැතිමතා එම කාවාඩි කූඩුව ජලයන් නහවා මුට්ටි කටවල් විවෘත කරයි. එවිට පිසූ මාළුවන්ට පණ ලැබී ඇති බව දැකිය හැකිය. මෙම කාවඩි නර්තන ක්‍රමය අභාවයට ගිය පැරණි පූජා ක්‍රමයකි.


> කාවඩි නර්තනයට යොදා ගන්නා සංගීතය

පුරාණයේ කාවාඩි නැටුම සඳහා සංගීතය සපයා ගැනීමට දෙමළ බෙරය,පන්තේරුව,උඩැක්කිය,තාලම්පට,රබාන වැනි තූර්ය භාණ්ඩ යොදා ගනු ලැබුවද වර්තමානය වන විට එම මූලික ගුණාංග වලින් කාවඩි නර්තන සංගීතය බැහැර වී ඇත.අද වන විට කාවඩි නර්තන සංගීතය සංගීත සත්සරණයක් බවට පත්වී ඇත.නූතන කාවඩි නැටුම සඳහා පෙරදිග සංගීත භාණ්ඩ මෙන්ම බටහිර සංගීත භාණ්ඩ ද යොදා ගැනීම දැකිය හැකිය.මෝලම් සංගීතය කාවඩි නර්තනයේ හදවත බඳු වන අතර ඉහත සාකච්ඡා කළ කවර කාවඩි නර්තනය කදී වුවද මෝලම් සංගීතය අත්‍යවශ්‍ය වේ.මෝලම් කරුවන්ට දකුණු ඉන්දීය සම්භවයක් පවතින අතර ලාංකීය තුළ සිදු වූ බව හා විවාහ සම්බන්ධතා මත මෝලං කරුවන් දමිළ සිංහල මිශ්‍ර ආදී ලෙස අද වන විට සිටී.අද වන විට මෝලම් කරුවන් කාවඩි නර්තනය සඳහා ම කණ්ඩායම් නිර්මාණය කරගෙන සිටින අතර බොහෝ විට කවිට කණ්ඩායම් වලට තුනත් පහත් වැනි පිරිසක් සිටීම දැකිය හැකිය.ඔවුන් රස්සාවක් වශයෙන් ද ඇතැම් අවස්ථාවල කාවඩි නර්තනය සඳහා සංගීතය සැපයීම සිදු කරනු ලැබේ.මුල් කාලීනව ආගමික භක්තියෙන් යුතු වාදන වලට අනුව කාවඩි නර්තනය සිදු වුණත් අද වන විට වේග රිද්ම ගීත වලට අනුව තනු වාදනය කිරීම කාවඩි නර්තනය අවශ්‍ය එහි දැකිය හැකිය.වර්තමානයේ දී කාවඩි නර්තන සංගීතය තුළ දෙමළ බෙරය,තාලම්පට,සයිඩ් ඩ්‍රම්,ට්‍රම්පට් යන සංගීත උපකරණ වැදගත් වී තිබේ.












කාවඩි නර්තන රංග වස්ත්‍රාභරණ


කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයම සඳහා යොදා ගන්නා රංග වස්ත්‍රාභරණ වල දකුණු ඉන්දීය සම්භවය සහිත ස්වභාවය දැකිය හැකි වේ. එමෙන්ම මෙම රංග වස්ත්‍රාභරණ සදහා යොදා ගන්නා වර්ණ තද විචිත්‍ර වර්ණ වන අතර රතු, තැඹිලි,කොළ, නිල් ආදී වර්ණ වලට මූලිකත්වය දී තිබීම දැකිය  හැකිය. එමෙන්ම ආභරණ පැළඳීම සුවිශේෂී වන අතර පිරිමි පාර්ශවය බොහෝවිට උඩුකය නිරාවරණව යටි කයට දෝති ආකාරයේ ඇඳුම් කොටසක් හැඳීම සිදු කරනු ලැබේ. පයට ගෙජ්ජි පැළඳ කරට මල් මාලා පැළඳීම දැකිය හැකි වේ. නළලට තිලක තබා සිටීම ද දැකිය හැකිය. ස්ත්‍රී පාර්ශවය ගේ ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් දැකිය හැකිය.සාරිය,උඩුකයට හැට්ටය, යටි කයට දිගු සාය, පපු ප්‍රදේශය වැසෙන සේ ඉන වටා කරකවා දමා දමා ගන්නා සළුව ආදී ඇඳුම් පැළඳුම් ස්ත්‍රී කාවඩි නර්තන ආශ්‍රිතව දැකගත හැකිය. කාන්තාවන් ද පයට ගෙජ්ජි පළඳින අතර කරට මාල,කනට තෝඩු,හිසට මල් පැළඳීම, නළලට තැල්ලක් සහ තිලක තැබීම දැකිය හැකිය.









කාවඩි නර්තන චලන වල සුවිශේෂීතා


කාවඩි නර්තනය අවස්ථානුකූලව වෙනස් වේ.සාමාන්‍ය කාවාඩි නර්තනයක දී යොදා ගන්නා චලන රිද්මයානුකූල බවකින් යුතු වන අතර නර්තනයේදී අනිවාර්යෙන්ම කාවඩි කුඩුව භාවිත කළ යුතුය. බොහෝ විට කාවඩි කුඩුව ආශ්‍රයෙන් එය හිස මත උරහිස අතර විවිධ ආකාරයට හසුරුවමින් චලන මැවීමට උත්සාහ කරන අතර කාවඩි මෝලම් සංගීතයේ වේගවත් බව සමඟ වේගවත් ශක්ති ජනක ලෙස ශරීරය හැසිරවීම සහ චලන වලට යාම දැකිය හැකිය. නමුත් පරවා වැනි කාවඩි වලදී නර්තකයන්ට චලන හැසිරවීමට සිදුවන්නේ අවකාශය තුළය. මෙහි දී නර්තකයන් ට නර්තනයකට වඩා කැරකීම්, ඉහල පහල යාම දෙපසට වැනිම ආදිය සිදු කිරීමට සිදුවන අතර අත්වලින් වැදීම් වැනි සරල චලන හැසිරවිය හැකිය. භක්ති කාවඩි නැටීමේදී ද විශාල ශක්තියක් අවශ්‍ය වන අතර නර්තනයේදී කාවඩිය සමබර කර ගැනීමද වැදගත් වේ. එසේම ගිනි කාවඩි නැටීමේදීද සමබරතාවය, ඉවසීම වැදගත් වේ. කිරි කාවඩි නැටීමේදී නර්තන චලන වලට වඩා භක්තියෙන් යුතුව ඇවිද යාම දැකිය හැක. මත්ස්‍ය කාවඩිය අද වන විට අභාවයට ගොස් ඇත.කාවාඩි නර්තනයට නිශ්චිත වූ අත් පා හැසිරවීමක් නොමැති නිසා නිදහස් ආරකින් යුතුව නායකයා ගේ අභිමතය පරිදි ඉදිරිපත් කළ හැකි නර්තනයක් වන මෙය ඇතැම් අවස්ථාවල දෙවියන් ආරූඪ වූ විලාශයක් නර්තන වල මූර්තිමත් කරයි. දකුණු ඉන්දීය ආභාෂය සහිත ද්‍රවිඩ ගැමි නැටුමක් ලෙස සුවිශේෂී වන මෙය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රඟදැක්වීම දැකිය හැකිවේ.මෙසේ ස්ත‍්‍රී පුරුෂ ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයම රඟ දක්වන නිසා කාවඩි නර්තනය සඳහා යොදා ගන්නා චලන වල ලාස්‍ය,තාන්ඩව යන ලක්ෂණ දෙක ම දැකිය හැකි අවස්ථා තිබිය හැකි ය.කතරගම දේවාශිර්වාදය ආරක්ෂාව,සාන්තිය ලබන්නට මෙම චලන හසුරුවා කාවඩි නටන අතර මුල් කාලයේ හින්දු ආගමේ ප්‍රධාන පූජාවක් වූ අතර අද වන විට සිංහල දමිළ සංස්කෘතික බේද නැතිව නර්තනය කරනු ලබන නර්තනයක් වේ.කෙසේ වෙතත් කාවඩි නර්තනය ට අනන්‍ය වූ නීති මාලාවක් හෝ නර්තන අංගහාර මෙහෙය වීමක් හෝ නිශ්චිත වශයෙන් නොමැති නිසා පුද්ගලයන්ට අනන්‍ය වූ රිසි චලන හසුරුවමින් ඉදිරිපත් කරන රිද්මයානුකූල සුන්දර නර්තනයක් ලෙස කාවඩි නර්තනය හැඳින්විය හැකිය.


කාවඩි නර්තනය සිදු කරන අවස්ථා

  • විශේෂයෙන්ම රුහුණු දේශයට අධිපති කඳසුරිඳු උදෙසා පවත්වන ඇසළ උත්සවයේ කාවඩි නර්තනය අනිවාර්ය අංගයකි.කතරගම පෙරහරේ පෙරහැරේ අනිවාර්යම අංගයකි.
  • විවිධ බාරහාර කඳකුමරු විෂයෙහි ඔප්පු කිරීමේදී කාවඩි නර්තනය සිදු කරයි
  • විනෝදය සදහා කාවඩි නර්තනය කරයි. උදාහරණ ලෙස විවිධ ප්‍රසංග, සංස්කෘතික උත්සව ආදිය
  • මුන්නේශ්වරම් දේවාලය,දෙවිනුවර උපුල්වන් දේවාලය,ගැටබරු දේවාලය, රත්නපුර සමන් දේවාලය, සීනිගම දේවාල පෙරහැර ආදියේද කාවඩි නර්තනය දැකිය හැකිය.
  • යාපනයේ කෝවිල් ආශ්‍රිතවද කාවඩි නර්තනය සිදුවේ.


කාවඩි නර්තනයේ පවතින ගැටලු සහ කාවඩි නර්තනය අනාගතය


  • කාවඩි නර්තනය අද වන විටත් සීමා වී තිබෙන්නේ දේවාල ආශ්‍රිත ව සහ පෙරහැර ආශ්‍රිතව වේ.

  • එමෙන්ම කාවඩි නර්තනයේ පවතින සංස්කෘතිමය අනන්‍යතාවයන් ටිකෙන් ටික අද වෙන විට ගිලිහී යමින් පවතී.උදාහරණයක් ලෙස මේ වන විටත් මත්ස්‍ය කාවාඩි වැනි ප්‍රභේදයන් අභාවයට ගොස් ය.

  • කාවඩි නර්තනයේ යෙදී සිටින පුද්ගලයන් සහ එයට සංගීතය සපයන පුද්ගලයන් ආර්ථික තත්ත්වයන් මත වෙනත් රැකියා සඳහා යොමු වීම ගැටලුවක් බවට පත්වී ඇත.

  • දෙවියන් විෂයෙහි පැවතුණු කාවඩි නර්තනය විනෝදය විෂයෙහි යොදා ගැනීමත් සමඟ විවිධ හානි කාවඩි නර්තනය ට සිදු වී ඇත.

  • කාවඩි නර්තනය ගැටලු අවම කිරීමට ගත හැකි ගත හැකි ක්‍රියාමාර්ග සහ කාවඩි නර්තන අනාගතය
  • .
  • කාවඩි නර්තනය රැකගැනීමට පෙරහැර සංස්කෘතිය රැකගැනීම වැදගත් වේ.

  • එමෙන්ම මෙවැනි නර්තන ක්‍රම පිළිබඳව දැනුවත් භාවයක් අධ්‍යාපනික වශයෙන් හෝ ජනතාවට ලබාදීම වැදගත්ය.

  • ආර්ථිකමය වශයෙන් රටට විදේශ විනිමය වැදගත් සංකල්පයක් වෙන නිසා මෙවන් නර්තන අංග පිළිබඳව වෙබ් අඩවි හරහා හෝ ජාත්‍යන්තරය දැනුවත් කිරීම වැදගත් වේ.

  • කාවඩි නර්තනයේ චලන, සංගීතය වැනි කාරණා පිළිබඳ අධ්‍යනයන් සිදු කොට කාවඩි නර්තනය අනන්‍යතාවයන් ට හානි නොවන පරිදි ඒවායෙහි නව ප්‍රවණතාවයන් හඳුනා ගැනීම වැදගත් වේ.

  • එවිට කාවඩි නර්තන අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි සේම පවතින අද තත්වයට වඩා කාවඩි නර්තනයේ වෘත්තිමය භාවයක් අනාගතයේ දී ඇති කරගැනීමට හැකි විය හැකිය


  පොළොන්නරු යුගයේ නර්තන කලාව පිළිබඳ  ලිඛිත සාධක. චූලවංශයේ සඳහන් කරුණු මහා පරාක්‍රමබාහු රජතුමා නර්තන ශිල්පය, කාව්‍ය ශාස්ත්‍රය සහ ශාසනය ආදී කො...