වාණිජකරණයට නර්තන ක්‍රිඩාවේ බලපෑම
සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස කලාව යන වචනය යොදා ගත හැකිය.බ්‍රිටැනිකා විශ්ව කෝෂයට අනුව ද අන්‍යයන් සමග බෙදා හදා ගත හැකිසෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයක් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේ හැකියාව සහ පරිකල්පනය යොදා ගැනීම කලාව ලෙස හඳුනාගත හැකිය.කලාවෙහි මූලික පරමාර්ථය සුසංයත ජන සමාජයක් ගොඩනැගීම ලෙස හඳුනාගත හැකි අතර කලාවේදියා සතු කාර්යය එහිලා සුළුපටු නොවේ.පුද්ගල මානසික ප්‍රවර්ධනයට කලාව අත්‍යවශ්‍ය සාධකයක් වන අතර මෙහිලා පුළුල් දෘෂ්ටියක් සහිත ව කටයුතු කරන පුද්ගලයා කලාකරුවා ලෙස හඳුනාගත හැකිය.සාහිත්‍යය කලාව, දෘශ්‍ය කලාව,ලලිත කලාව නැතිනම් ප්‍රාසංගික කලාව (සංගීතය, නාට්‍ය,චිත්‍ර,නර්තනය) ලෙස කලාව වර්ගීකරණයන් ද හඳුනාගත හැකි අතර විවිධ කාල වකවානු තුළ කලාව විවිධ ආකාරයෙන් හඳුනාගත හැකිය.එනම් ජන කලාව,සම්භාව්‍ය කලාව,ජනප්‍රිය කලාව ලෙස හදුනාගත හැකි අතර ප්‍රාසංගික කලාවක් ලෙෂ නර්තනයේ විකාශනය කලා මාධ්‍යයක් ලෙස කෙබඳුද යන්නත් එහි ඓතිහාසික විකාශනයේ පටන් ප්‍රාසංගික වශයෙන් ජනප්‍රියත්වයට පත් වීමේ ගමන් මාර්ගය කෙබඳුද යන්නත් හඳුනාගනිමු.
නර්තනයේ මුලාරම්භය දැක්වෙන පැරැණිම ඓතිහාසික ලේඛන ඉන්දියාවේ ලෙන් සිතුවම් ආකාරයෙන් ක්‍රිස්තු පූර්ව අටදාහක් පමණ ඈත අතීතතක හමුවන අතර ක්‍රිස්තු පූර්ව 3300 දී පමණ ඊජිප්තු සොහොන් සිතුවම් වල ද නර්තනය නිරූපණය විය.මුල් කාලීන නර්තනය ඒ අනුව විවිධ
ආගමික සම්භවයන් මුල් කර ගනිමින් විවිධ පුද චාරිත්‍ර ආශ්රයෙන් ඇති වූ අතර විවිධ ගෝත්රානුබද්ධ උත්සව සහ චාරිත්‍ර ආශ්‍රයෙහි යොදා ගැනීම දක්නට ලැබිණි.මේ අනුව නර්තනය ආරම්භයේ සිටම මානව ඉතිහාසයේ අංගයක් වී ඇති අතර ක්‍රමයෙන් ඉහත ආකාරයට දියුණු වන සමාජ ක්‍රමය තුළ ගෝලීය හා තාක්ෂණික පරිණාමයට ලක් වන්නා සේ නර්තනයද පරිනාමයට හා විකාශනයට පත් වීම සිදුවිය.මෙහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය ආධ්‍යාත්මික පැතිකඩ අභිමවා යමින් ප්‍රජා සම්බන්ධතා පෝෂණය කරන මාධ්‍යයක් බවට පත්වූ අතර ඒ ඔස්සේ නර්තන විලාසයන් ද කාලයත් සමඟ පරිණාමනය විය.මෙම පරිණාමනය ට සමාජ සංස්කෘතික ගතිකයන් ගේ බලපෑම බලපා තිබෙන අතර එහිලා මුල්කාලීන මිනිසාගේ අපේක්ෂාවන් හෝ ආධ්‍යාත්මික සහ ආගමික සංකල්පය තුළින් ඔබ්බට නර්තනය යොදා ගැනීම පිළිබඳ අදහස් නිර්මාණයට මග නිර්මාණය විය.එනම් මුල් කාලීන මිනිසා ආගම් යාග හෝම විශ්වාස මත පදනම්ව කටයුතු කරනු ලැබුවද ලෝකයට සමාජමය වශයෙන් අධ්‍යාපනය, දේශපාලනය,ආර්ථිකය,තාක්ෂණය යන සංකල්ප ඔස්සේ දියුණුවට පත් වීමත් සමගම විශ්ව ගම්මානය යන සංකල්පය හරහා ආර්ථිකය යන සාධකය මිනිසාගේ ජීවත් වීමේ මූලික අවශ්‍යතාවය බවට පත්විය.ඒ ඔස්සේ ඔවුන් මුදල් සෙවීමේ මාර්ග සොයා යාම හරහා කාර්යබහුලත්වය වැළඳගත් අතර මෙම කාර්යබහුලත්වය තුළ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ ආගමික වත් පිළිවෙත් වල පටන් ආහාර ගැනීම දක්වා පවත්වාගෙන ආ සියලු ක්‍රමවේද වල කාර්යක්ශම ස්වරූපයන් අනුගමනය කරන්නට සිදුවිය.එම නිසා බොහෝවිට ශාන්තිකර්ම ආශ්‍රයෙහි සහ යාගහෝම විෂයෙහි රැඳී සිටීමට මිනිසාට කාලය ප්‍රමාණවත් නොවීමත් තාක්ෂණික වශයෙන් ලෝකය ජයගැනීමට ටිකෙන් ටික පෙළඹවීම මත ඔවුන්ගේ ප්‍රාථමික අදහස් වලින් ඔබ්බට ඔවුන්ගේ සිතුවිලි යථාර්ථය ඔස්සේ මෙහෙයවීමත් සිදු වූ නිසා නර්තනය පිළිබඳව ද ඔවුන්ගේ විවිධ නව අදහස් හා සංකල්ප ක්‍රියාත්මක විය..ඉහත අයුරට ඇතිවූ වූ සංස්කෘතික වෙනස් වීමත් සමග පුද්ගල සිතුවිලි ද සංස්කෘතිමය වශයෙන් ආර්ථිකය හඹා යෑම කෙරෙහි ම නිර්මාණය වන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය ප්‍රජා සම්බන්ධතා පෝෂණය කරන ප්‍රකාශිත භෞතික කලා මාධ්‍යයක් බවට පත්වීම නර්තන කලාවේ විවිධ නව මානයන් නිර්මාණය වීමට බලපා ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස නර්තනය හරහා ද මිනිසා විනෝදය ආශ්වාදනය ඇතුළු මුල් කාලීන ඇදහිලි, විශ්වාස ක්‍රම වලට එහා ගිය ආර්ථික ප්රතිලාභ පිළිබඳ අත්හදා බැලීමට යොමු වීම හරහා නර්තනයෙන් නව මානයන් ඉතා විශාල වශයෙන් නිර්මාණය වන්නට විය. මේ හරහා සමාජ නර්තන ක්‍රමයක් නිර්මාණය වන්නට වූ අතර වර්තමානය වන විට නර්තනය තූළ ඇති වී තිබෙන ප්‍රවණතාවයක් ලෙස නර්තන ක්‍රීඩාව හදුනාගත හැකිය.
නර්තන ක්‍රීඩා ලෙස (World Dance Sport Federation) සංවිධානයට අනුව සැකසුණු නිර්වචනයකින්
මෙසේ හඳුනාගත හැකිය.එනම් නර්තන ක්‍රීඩා යනු (Dance sports) ක්‍රීඩාව සහ නැටුම් ඒකාබද්ධ කරන ක්‍රියාකාරකමක් වන අතර මෙම නර්තන ක්‍රීඩා ඉසව් සංස්කෘතිය යන බාධක ඉක්මවා ගොස් ගෝලීය වශයෙන් සංවිධානය වී පවත්වාගෙන යාම දැකගත හැකිය.මේ අනුව ලෝකයේ නර්තන ක්‍රීඩා ලෙසට හඳුනා ගනිමින් වෘත්තීමය භාවයකින් පවත්වාගෙන යන අංග පවතින අතර වක්‍ර වශයෙන් අද වන විට නිර්මාණාත්මක නර්තන ධාරාව තුළ ප්‍රේක්ෂක රුචිකත්වයට නිර්මාණය කරන ඇතැම් නර්තන රචනා ආශ්‍රයෙහි ද නර්තනය ක්‍රීඩා ආශ්රිත විලාශයකින් නර්තනය යොදා යොදාගැනීම දක්නට ලැබේ.ඒ අනුව නර්තන ක්‍රීඩා ලෙස හඳුනාගන්නා නර්තන අංග පිළිබඳව හඳුනා ගැනීමක් කරමු.
මෙවන් ආකාරයට ක්‍රීඩාවක් ලෙස නර්තනාංග විහිදී යාම හඳුනාගත හැකි අතර එය ක්‍රීඩා විලාශයකින් වර්ධනය වීම තුළ වාණිජකරණයට නතු වූ ආකාරය පිළිබඳ විමසා බැලීම වැදගත්ය.
මූලික වශයෙන්ම ඉහත හඳුනාගත් නර්තන ක්‍රීඩා ලෙස පිළිගනිමින් පවත්වාගෙන යාමට World Dance Sport Federation යන ලෝක පාලන ආයතනයේ මැදිහත් වන අතර රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.මෙම ආයතනයේ මෙහෙවර වන්නේ නර්තන ක්‍රීඩා නියාමනය පරිපාලනය සහ සංවර්ධනය කිරිමයි. සෑම මහත් දීපයකම මිලියන ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය වැදගත් වන අතර නර්තන ක්‍රීඩා වල තත්වය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ජාත්‍යන්තර තරග පාලනය කරන ප්‍රමිතිගත නීති සකස් කිරීම ඇතුළු ක්‍රීඩක නිලධාරි දෙපාර්ශ්වයේම චර්යාධර්ම, ආචාර ධර්ම ප්‍රමිති සම්පාදනය ඔලිම්පික් ව්‍යාපාරය නර්තන ක්‍රීඩා නියෝජනයට මැදිහත් වීම යන කාරණා වැදගත් වේ. මේ අනුව මුලින්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස අත්හදා බැලීමට යොමු වූ රටවල් ලෙස ලතින් ඇමරිකානු රටවල් සුවිශේෂී වන අතර මුලිකවම දෙපාර්ශ්වයේම චර්යාධර්ම,ආචාරධර්ම ප්‍රමිති සම්පාදනය ,ඔලිම්පික් ව්‍යාපාරය නර්තන ක්‍රීඩා නියෝජනයට මැදිහත් වීම යන කාරණා වැදගත් වේ.මේ අනුව මුලින්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස අත්හදා බැලීමට යොමු වූ රටවල් ලෙස ලතින් ඇමරිකානු රටවල් සුවිශේෂී වන අතර මුලිකවම සම්භාව්‍ය බෝර්ඩෑම් නැටුම් අභියෝගාත්මක ක්‍රීඩාවක් බවට පත්වූ අතර විවිධ නවමානයන් නිර්මාණය වීමටත් බල පැවැත්වෙන්නටත් එය හේතු වන්නට ඇත.
මෙම නර්තනයන් මුල් මුල්කාලීනව සමාජ නර්තනයක් ලෙස හඳුනා ගැනීම සිදුවිය ඒ හරහා මෙම නර්තන වරප්‍රසාද ලත් පුද්ගලයන්ගේ සමාජ නැටුම් බවට පත් විය. මෙම කාරණය තුළ පහළ පන්තීන් ලෙස සැලකෙන ජනයාට මෙම නර්තන ක්‍රමවේද වෙනුවට ජන නර්තන සමග කටයුතු කිරීමට අවස්ථාව නිර්මාණය වීය .මෙම නර්තන ඉහළ පුද්ගලයන්ගේ භාවිතාවට යොමුවී තිබීම නිසා නර්තන සංකල්පය වාණිජ ලෝකය තුළට රැගෙන යාමේදී සාමාන්‍ය ජනයාට මෙන් පුද්ගලයන් නැතිනම් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ නර්තනය සිදු කරමින් මුදල් අයැදීම විශේෂ අවස්ථා වෙනුවෙන් මුදලට නර්තනය කිරීම වැනි කාරණා වලට නර්තනය ආර්ථිකත්ත්වය නිසා මෙහෙයවීමට අකමැති වීම මෙම සම්භාව්‍ය බෝල්රුම් සහ ලතින් නර්තන ආශ්‍රයෙහි නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමට මග පෑදෙන්ට විය.හේතුව මොවුන් මෙම නර්තනාංග ප්‍රාථමික මට්ටමින් ඔබ්බට ගොස් (තරග නිර්මාණය)හරහා මුදල් ඉපයීම වක්‍රව බලාපොරොත්තු වෙන තත්ත්වයට මෙම නර්තනයන් ක්‍රීඩාවක් ලෙස ලෝකයට නිරාවරණය කිරීම ආරම්භ කිරිමයි.මේ අනුව නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගනිමින්
* බෝල්රුම් සහ ලතින් ඇමෙරිකානු නර්තන ආශ්‍රයේ නර්තන තරග නිර්මාණය වීම නර්තන ක්‍රීඩා වල වාණිජකරණයේ ආරම්භක ප්‍රවේශය විය.
උදාහරණ ලෙස ලෝක නර්තන කවුන්සිලය(WDC) විසින් නියාමනය කරන ලද ලෝක ශූරතාවේ සිට විවිධ ප්රවීනතා මට්ටම් වලින් අඩු මට්ටමකට දක්වා තරග නිර්මාණය, වෘත්තීය හා ආධුනික මට්ටම්වලින් ද තරග සංවිධානය වීම ආදිය දැකිය හැකි අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තරඟකාරී බෝල්රුම් නර්තනය ක්‍රීඩාවක් ලෙස ඔලිම්පික් ව්‍යාපාරයට එක්කර ගැනීම ද සිදු කර ඇත.ජාත්‍යන්තර තරඟ සඳහා රටවල් තිහකට ආසන්න පිරිසක් තරග කරන අතර WDSF සහ WDC හි සාමාජිකත්වය ඇති රටවල් විස්සකට ආසන්නව පවතී.එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රිතාන්‍ය නර්තන කවුන්සිලය පවතින අතර බ්‍රිතාන්‍ය බෝල්රුම් ශුරතා,බ්‍රිතාන්‍ය අනුක්‍රමික ශුරතා,සහ එක්සත් රාජධානිය ශූරතාවය,ජාතික සහ කලාපීය ශුරතා ලබා දෙන තරඟ සංවිධානය කොට ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ද WDC (WDSF)සාමාජික ශාඛා ජාතික හා කලාපයේ ශූරතා පවත්වන අතර ජාත්‍යන්තර වශයෙන් එංගලන්තයේ (blackpool) බ්ලැක්පූල් හි වාර්ෂිකව පවත්වනු ලබන බ්ලැක්පූල් නැටුම් උළෙල නර්තන ක්‍රීඩා තරග කරුවෙකුට සහභාගි විය හැකි උත්කර්ෂවත් ම සහ කීර්තිමත්ම උත්සවය බවට පත්වී ඇත.
ඉහත ආකාරයට වාණිජකරණය තුළ තරඟ නිර්මාණය වීම හරහා පුද්ගල අවධානය නිර්මාණය වන අතර මෙම තරග සංවිධානය තුළින්
1) මෙකී නර්තන අධ්‍යයනයට යොමු වන පිරිස ක්‍රමයෙන් වර්ධනය වීම සහ මේවයේ ක්‍රී ඩාමය වටිනාකම ඉහළ යෑම හරහා අධ්‍යාපනය තුල ඉගැන්වීම, උපදේශනය ආශ්රයෙන් නිර්මාණය වන රැකියා පැවතීම, උසස් අධ්‍යාපනික හා උපදේශන ආයතන බිහිවීම සිදු වන අතර මේ බව එක්සත් ජනපදයේ මෙම ක්‍රීඩා ආශ්රයෙන් නිර්මාණය වී ඇති මැදිරි සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමක් සිදු වීම මගිනුත් නර්තන ක්‍රීඩා ආශ්රිත චිත්රාගාර කර්මාන්තයේ වෙළෙඳ පොළ ප්‍රමාණය 2015-2020 කාලය වන විට වසරකට 3% කින් වර්ධනය වී තිබීම මගිනුත් පැහැදිලි වේ. එමෙන්ම 2020 වන විට එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් 54627 කට ආසන්න චිත්රාගාර ක්‍රියාත්මක වූ අතර නර්තන චිත්රාගාර හිමිකරුවකු ගේ සාමාන්‍ය වැටුප ඩොලර් 43,048 ලෙස සඳහන් සදහන් වී ඇත.
මේ අනුව අපට හැඟීයන්නේ නර්තන ක්‍රීඩා සංකල්පය හරහා ඒවා උගන්වන ආයතන බිහිවීමත් ඒවා පවත්වාගෙන යන්නන් ආශ්රයෙන් රැකියා අවස්ථා බිහි වීමත් යන සාධක මත නර්තන ක්‍රීඩා මුදල් ඉපයීම සහ ආර්ථික තුලනය රටවල් වල පවත්වාගෙන යාමට වැදගත් වන වාණිජකරණයට ලක් වූ අංගයක් ලෙස හඳුනාගත හැකි බවයි.එමෙන්ම මෙහි වාණිජමය පැතිකඩ තවදුරටත් විස්තර කර ගැනීමේදීවෘත්තීමය නර්තන ශිල්පියෙකුගේ පැයක වැටුප ඩොලර් 19.96 ලෙස සඳහන් වන අතර ඒ ඔස්සේ ැ පෙනී යන්නේ මුල් මුල්කාලීනව සමාජ නර්තනයක් ලෙස පැවැති නර්තනය පසුකාලීනව ඉන් ඔබ්බට ගොස් වෘත්තියක් ලෙස හඳුනා ගැනීමට නර්තන ක්‍රීඞා ඉවහල් වී ඇති බවත් ආර්ථිකමය වශයෙන් අනිවාර්ය පඬියකට ඒවායෙහි නිරත වීම තුළ නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජකරණයට ලක් වී ඇති බවත්ය.
එමෙන්ම (blackpool) බ්ලැක්පූල් ඇතුළු විවිධ නර්තන ක්‍රීඩා සංවිධානය කිරීම සහ ජාත්‍යන්තර වශයෙන් ඒවා පැවැත්වීම තුළ එහි වාණිජ වාසි වක්‍ර මාර්ග හරහා ඇති කර ගැනීම දැකිය හැකිය.
2)නර්තන ක්‍රීඩා සංවිධානය හරහා සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයක් ඇති වීම
ලොව පුරා පවතින නර්තන ක්‍රීඩා සඳහා අධිපති පාලක මණ්ඩලයක් නොමැති නිසා විවිධ සමාගම් සිය ගණනක් නොව දහස් ගණනක් නර්තන තරග පවත්වයි.
උදාහරණ-2023/03/01 වන දින Launceston Ballroom Blitz Dance Sport Festival
Hobart Dance Sport Frenzy (North Hobart)
ඉහත ආකාරයට නර්තන ක්‍රීඩා පැවැත්වීම හරහා ඊට විවිධ රටවල් සහභාගි වීම සිදුවන අත වන අතර ඒ හරහා රටට විදේශ රට වලින් පිරිස පැමිණීම තුළ එම රටෙහි ආකර්ෂණීය ස්ථාන පිළිබඳ අවධානය ලෝකයට යාම, සංස්කෘතික වටිනාකම් පිළිබඳ ලෝකයට යාම සහ තරග සංවිධානය වෙත පැමිණෙන පිරිසගේ දෛනික අවශ්‍යතා හරහා නවාතැන්, ආහාර වැනි සාධක ආශ්රයෙන් ඇතිවන ආර්ථික වාසි වැනි කාරණා මත නර්තනය ක්‍රීඩාවක් ලෙස වාණිජකරණය වීම සිදුවෙමින් රටට ආර්ථික වශයෙන් ශක්තියක් වී ඇත.
3) නර්තනය ක්‍රීඩාව ලෙස හඳුනා ගැනීමත් සමඟ එය බිහිවීමට මූලික වූ රටවල් වලින් පරිබාහිර රටවල් වල ද එය හැදෑරීම මෙම වාණිජකරණය ප්‍රතිඵලයක් විය. ඒ ඔස්සේ
- නර්තන ක්‍රීඩා උපදේශන ආයතන නිර්මාණය
- නර්තන ක්‍රීඩා ආශ්‍රයෙහි මුදලට ඉගැන්වෙන පන්ති පවත්වාගෙන යාම
මෙහිදී වාණිජ කරණය නර්තනයට කෙතරම් බලපා තිබේද යත් අදවන විට ශ්‍රී ලංකාවේ රටවල පුද්ගලයින් මේවා අධ්‍යයනයට යොමු වී ඇති අතර ඔවුන් එය හරහා බලාපොරොත්තු වන කාරණය නම් රටට රැකියා උත්පාදනය හා තරග සහභාගිත්වය හරහා මුදල් ඉපයීමත්, තරග සංවිධානය හරහා විදේශ විනිමය ඉපයීමත් ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාරීරික යෝග්‍යතා සපයන්නන්ගෙන් එකක් වන T&A fitness ආයතනය 2nd dance sport championship නමින් තරග සංවිධානය සිදුකොට තිබුණි.
එමෙන්ම තර්ජා දි සිල්වා, ඇල්බටෝ රුයිස්, භාරත දී සිල්වා යන පුද්ගලයන්,කෙවින් නුගාරා වැනි පුද්ගලයින් මෙම කාර්යයේ නිරත වී ඇති අතර එය ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය පවා වාණිජකරණයට ලක් වී තිබීම දැකිය හැකිය.
4. එමෙන්ම නර්තනය ක්‍රීඩාවක් ලෙස හඳුනා ගැනීමත් සමඟ එය අද වන විට ගෝලීය වශයෙන් නව මාධ්‍ය වලට පැමිණීම වාණිජකරණයේ ප්‍රතිඵලයක් වී ඇත
ඒ අනුව youtube, facebook, instagram වන මාධ්‍ය වලට පැමිණ ඇති අතර මේ ඔස්සේ ග්රාහක නැතිනම් නරඹන්නන්ගේ පිරිස වර්ධනය වීම හා ප්‍රචාරණය ඉතාමත් සංකීර්ණ ලෙස විවෘත වීම හරහා නර්තන ක්‍රීඩාව වාණිජ ලෝකය තුළ දියුණු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නව මාධ්‍ය තුළ නර්තන ක්‍රීඩා වෘත්තිකයන් බිහි වීම,තරඟ ප්‍රචාරණ බිහිවීම,ඉගැන්වීම් ක්‍රම,උපදේශන ක්‍රම බිහි වීම ඇතුළු වෘත්තිමය භාවයක් නිර්මාණය වූ අතර එහි තවත් එක් වාණිජමය පැතිකඩක් වන්නේ යෞවනත්වය ඉලක්ක කරගත් වෙළෙඳ ප්‍රචාරණ වලදී විශේෂයෙන් ශක්තිජනක පාන, සුවඳ විලවුන් වර්ග වැනි පාරිභෝගික භාණ්ඩ ප්‍රචාරණයට ද නර්තන ක්‍රීඩාව යොදා ගෙන තිබීම දැක්විය හැකිය..මෙහිදී චචා,ජයිව් වැනි වැනි නර්තන උපයෝගී කොට ගෙන තිබීම දැකිය හැකිය.
- -The category is-original anthology series, explores how ballroom culture has evolved beyond new yorkcity and grown to shape queer communities throughout the world.
- Let's dance-well known celebrities are paired with professional ballroom dancers.each week the paires compete by performing one or more choreographed routine that follow the prearranged theme for that particular week.
- Dancing with the stars-A spin off of dancing with the stars pairing celebrity kids with professional junior ballroom dancers to perform choreographed routins which are judged by a panel that includesrenowned ballroom experts.
- Dancing on ice-two past Olympic winners pair of random celebrities with professional skaters the professionals with some help from the Olympic winners.create dances on the ice toas they go head to head for the chancetown.
- America's got talent
- So you think you can dance-dancers skilled in everything from ballroom and ballet to salsa, jive, hiphop and krumping all compete to be named the best.




.jpeg)
.jpeg)
Nice ❤️
ReplyDelete❤️
ReplyDelete👍
ReplyDelete