පොළොන්නරු යුගයේ නර්තන කලාව පිළිබඳ ලිඛිත සාධක.
චූලවංශයේ සඳහන් කරුණු
මහා පරාක්‍රමබාහු රජතුමා නර්තන ශිල්පය, කාව්‍ය ශාස්ත්‍රය සහ ශාසනය ආදී කොට ඇති සෞන්දය කලාවන් පිළිබඳ හසල දැනුමකින් යුක්ත වූ රාජ්‍ය පාලකයකු බව.
පැරකුම්බා කුමාර, ශබ්ද ශාස්ත්‍රයෙහිද නියන්ටු කෙටුහ සහිත වූ කාව්‍ය ශාස්ත්‍රයෙහි ද නැටුම් ගීතයෙහි ද හස්ත ශිල්ප ආදී ශාස්ත්‍රයෙහි ද දුනු කඩු ආදී නොයෙකුත් ශාස්ත්‍රයන්හි වෙසෙසින් පරතරට පැමිණියේ....." (චුලවංශය)
ඕ රාබාහු රජතුමා විසින් රාජ මාලිගයට යාබදව රන් ආලේප කළ කුළුණු වලින් යුත්, වීක පු පිළියෙන් සරසන ලද සරස්වති චණ්ඩපයකම වු ශාලාවක් ඉදි කරන ලදී. මෙය නතනය සහ ගායනය දැක්වීමට යොදා ගන්නා ලද්දක් බව සඳහන් වේ.
රජ මැදුර අබියස ගෙඋයනෙහි රජුගේ පෞද්ගලික විනෝදය සඳහා කීලා මණ්ඩපය නමින් ගෘහයක් ඉදිකර වීය.
මහා පරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය පදවි ප්‍රාප්තියට පත් වූ විට ජනතාව සතුටට පත් වූ ආකාරය මෙසේ දක්වා
එකල්හි නානාප්‍රකාර වූ බේරින්ගේ මහා ශබ්දය තෙම කල්පාන්තවාදයෙන් කැළඹී සාගරයාගේ හඬ සෙයින් විය "
යනුවෙන් වාදන භාණ්ඩයන්ගෙන් නැගුන ගෝශාව කල්පාන්ත සුළඟින් කැළඹුණු මහා සාගරයට උපමා කොට දක්වා ඇත.
සතුරන් පරාජය කොට පොළොන්නරු නුවර වාසය කරන පරාක්‍රමබාහු රජතුමා කල් ගෙවු ආකාරය පහත පරිදි දක්වා ඇත.
" මධුර ක්‍රීඩා විනෝදනයෙනුදු නව නාට්‍යය රසය දන්න උන්ට අග්‍රේෂ්වරව කල් හැරියේය"
දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් මනහර මන්දිරයක් ඉදිකර වූ මහා පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතූන් වහන්සේ එහි තැන්පත් කරවා විනා, වස් කුලල් මිහිඟු බෙර ආදිය ඇති ජනයා විසින් ද දිව්‍ය ගාන්ධාරව ස්ත්‍රීන් සදෘෂ ගාන්ධාර්ව ස්ත්‍රීන් වෙන් වෙන් කොට සිටුවා නැටුම්, ගැයුම් හා වැයුම් දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදු කළ බව සඳහන් වේ.
මහා පරාක්‍රමබාහු රජුගේ අගමෙහෙසිය රූපාවතී බිසව නැටුම් ශිල්පිණියක් බවත් නර්තන, ගීත, වාදනයෙහි දක්ෂතා දැක්වූ කාන්තාවක් බවත් සඳහන් වේ.
රජතුමා රාජ සභාවට සම්ප්‍රාප්ත වන විට ළයාන්විත ගීනාදයෙන් පිළිගැනීමට කටයුතු යොදා තිබීම හා කුලින තරුණ තරුණියන්ගෙන්වාගෙන ඔවුනට නර්තනය හා සංගීතය ද රණ ක්‍රීඩා සහ විවිධ භාෂාව ශාස්ත්‍ර උගන්වා රාජ්‍ය කටයුතු සඳහා පක්ෂපාතයේ ලෙස සේවයට යොදා ගත් බව සඳහන් වීම නර්තනය සහ සංගීතය රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට යුද උපාය මාර්ගයක් ලෙස යොදාගත් බව සඳහන් වීම මෙකී යුගයේ දැකිය හැකි සුවිශේෂී කාරණාවේ.
විඩාපත් සොල්දාදුවන් විනෝදමත් කිරීමට හා මානසිකව ධෛර්යමත් කිරීමට නර්තනය, සංගීතය යොදාගත් බව සඳහන් සඳහන් වීම.
නිශ්ශංකමල්ල රජතුමා නවග්‍රහ බලි ශාන්තිය කර වූ බව සදහන් වීම
පොළොන්නරු යුගයට අදාලව නර්තන කලාව ප්‍රචලිතව තිබූ බවට සාධක කොටගත හැකි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
පාලමොටටෙයි ශිලා ලේඛනයට අනුව ල ආධිපත්‍යයට යටත් වීමේ එක් ප්‍රතිඵලයක් බව ඒ අනුව සිතිය හැකි වීම
පොළොන්නරුව වටදාගයේ කර ඇති තවන ස්ත්‍රීන්ගේ සහ පුරුෂයින්ගේ රූකම්
අංක එක දරන ශිව දේවාලයෙන් හමුවී ඇති නටරාජාරූපයක පාදමේ බෙරය, කාලම්පට සහ හොරණෑව කැටයම් කර තිබීම.
මහා පරාක්‍රමබාහු රජතුමා තමන් උපන් ග්‍රාමයෙහි කරවන ලද සුතිස්සට කොට වෙහෙර) හමුවී ඇති ඇත් පහනේ දැක්වෙන නළන්නන්ගේ රුකම්
එම ඇත් පහනේ එල්ලා තවන දම්වැලෙහි තැන තැන යොදා ඇති විවිධ නර්තන අංගහාර කරන නරක කගේ රුකම් ඉන්දියානු බරට නර්තනයන්ගේ අංශකාර මූර්තිමත් කරන බව විචාරක මතය වීම.
මහා පරාක්‍රමබාහු රජතුමා ද්‍රවිඩයන් විසින් විනාශ කළ නගර යළි ගොඩ නැගීමේ දී ගොඩ නැගීමේදී වෘත්තිය ගීත ප්‍රදර්ශනය සඳහා නාට්‍ය ශාලාවන් ඉදිකරන ලද අතර රෝහණයේ කිර ග්‍රාමය ඉදිකිරීමේදී නාට්‍ය ශාලා පහක් කරවූ බව සඳහන් වීම.
නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවා ඇති ශිලා ලේඛන දෙසකම නර්තනය නැරඹීමට රජු අතිශයින් ප්‍රිය කළ බව සඳහන් වීම.
කාලිංග උද්‍යාන ශිලා ලේඛනයෙහි " චෝල පාණ්ඩයාදී රජුන් වෙළගෙන එවූ ඇඟිලි හා රාජකන්යාවියන් හා පඬුරු දැක ජය ස්ථම්භ කරවා ලක්දිව වැඩ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරමින් කරමින්, නර්තන ගීත බලා වැඩ හිඳිනා සිංහාසනයයි" ලෙස සඳහන්ව තිබීම.
කාලිංග ක්‍රීඩා විනෝද යල් ආසන ලිපිපයෙහි " නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩ හිඳිනා සිංහාසනයයි " ලෙස සඳහන්ව තිබීම.
සැටදාගෙට ඇතුළුවන ස්ථානයේ දෙපස බිත්තිවල නර්තනයේ යෙදෙන්නන්ගේ රූකම් සහ වාදන රූකම් දකුණු ඉන්දියානු නර්තනයන්ගේ අංගහාර නිරූපණය කිරීම.
No comments:
Post a Comment